නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ලබන 7 වනදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය කළ තිබේ.
ලබන 7 වනදා සිට 10 වනදා දක්වා පාර්ලිමේන්තුව මෙසේ රැස්වීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මහ ලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය පවසයි.
ලබන 7 වනදා පාර්ලිමේන්තුව රැස්වු පසු රජය ගෙන එන 2024 වසර මැද මූල්යබ තත්ත්වය පිළිබඳ වාර්තාව සම්බන්ධ කල්තැබීමේ විවාදය පැවැත්වෙයි.
ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි හා නියෝග කිහිපක් පිළිබඳ විවාදය පැවැත්වෙන්නේ ලබන 8 වනදායි.
9 වනදා වෙන්කර ඇත්තේ ශ්රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් ඇතුලු යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් විවාද කිරීම සඳහායි.
10 වන සිකුරාදා ශෝක යෝජනා පිළිබඳ විවාදය පැවැත්වෙයි.