2022 වසරේ පළමු පාසල් වාරය හෙට (03) ආරම්භ වේ.නව පාසල් වාරය ආරම්භ වීමත් සමග සිසුන් ඉහළ ශ්‍රේණිවලට ඇතුළත් කෙරුණ ද පහළ ශ්‍රේණිවල මග හැරැණු විෂය කරුණු ආවරණයට පියවර ගන්නැයි සියලු අධ්‍යාපන බලධාරීන් වෙත දැනුම් දී ඇති බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කරයි.
මේ අතර පාසල් සිසු ප්‍රවාහන රියැදුරු සංගමය පවසන්නේ වැඩි වූ ඉන්ධන සහ මෝටර් රථ අමතර කොටස් මිලට සරිලන සේ නව වසරේ සිට පාසල් වෑන් රථ ගාස්තුව ද 20%කින් ඉහළ දැමීමට සිදු වූ බවය.