නව යුද හමුදාපති මේජර් ජෙනරාල් විකුම් ලියනගේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපති වශයෙන් හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කර ඇත.මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ලබන ජුනි මස 01 දින සිය ධුරයේ වැඩ භාර ගැනීමට නියමිත බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා පැවසීය.වැඩ බලන ආරක්ෂත මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මැයි මස 31 වන දින යුද හමුදාධිපති ධූරයෙන් විශ්‍රාම යන බව ද හෙතෙම කීය.යුද හමුදා සේවයෙන් විශ්‍රාම යන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස ජුනි 1 වන දින සිට රාජකාරි බාර ගැනීමට නියමිතව බවද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය

 

කාලීන පුවත්