නාගරික කලා කරුවකුගේ “ජොබ් එක නැති වීම” රොඩ්නිට පෙනුණු හැටි

rodni

“ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” කියන ජන සම්මතය බිඳ දමන්න පුළුවන් කලා කරුවන් අතුරින් රොඩ්නි විදානපතිරණට හිමි වෙන්නේ මුල් තැනක්.පුවත් පත් කලා ක්ෂේත්‍රයේ සුවිශේෂ මතක සටහන් රැසක් තබමින් දිගු කාලයක් තිස්සේ අඛණ්ඩ මාධ්‍ය මෙහෙවරක යෙදී සිටින රොඩ්නි”තරුණයා”පුවත් පත ආරම්භයේ සිටි දීර්ඝ කාලයක් එහි ප්‍රධාන කර්තෘ ධුරය ද හොබවා තිබෙනවා.ඊට අමතරව ජනප්‍රිය ටෙලි නාට්‍ය රාශියක සහ චිත්‍රපට කිහිපයක අධ්‍යක්ෂක ලෙස දෘෂ්‍යමය කලා ලෝකයේත් සමත් කම් පෑ රොඩ්නි අප රටේ ගීත රචකයන් අතුරින් ද මුල් තැනක් හිමි කර ගත් කලාකරුවෙක්.සාගර තරංගා,සඳ රාජිනී,කරඹ යායේ,ප්‍රේම මායා දැලේ,සියොතුන් ඉගිල ගියා,කඳුකරයේ මල් සැනකෙළියේ ඔහු ලියූ ගීත වලින් අතලොස්සක් විතරයි.

අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ රොඩ්නි මෑත භාගයේ ඉදිරිපත් කළ කවි සංකල්පනාවක්.කලාකරුවකු ද වන නාගරික පහළ මධ්‍යම පන්තියේ අයකුගේ රැකියාව අහිමි වීම තේමා කොට ගත් මේ කවි සංකල්පනාව ඔහු නම් කොට ඇත්තේ”ජොබ් එක නැති වූ දා”යන ව්‍යවහාරික බස් වහරින්මයි.ඒ වගේම තමන්ගේ මූලික අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා බොහෝ පහළ නාගරික පාන්තිකයන් අනුගමනය කරන “අත මාරු ක්‍රමය” ගැනත් රොඩ්නි මේ පද්‍ය සංකල්පනාවෙන් පෙන්වා දෙනවා.ඒ වගේම කලාව තමන් ගේ ජීවිතය හා ආත්මය කොට සැළකන රොඩ්නිලා ගේ පරපුරේ මාධ්‍ය කරුවන් ඇතුළු කලා කරුවන්ගෙන් සැලකිය යුතු පිරිසකට මේක ආගන්තුක අත්දැකීමක් නොවන බවත් මෙම සටහනේ සමාප්තිය ලෙස සටහන් කරනුයේ නව පරපුරේ ඇතැම් කලා කරුවන්ගේ ක්‍රියා නිසා රොඩ්නිලා ගේ ඒ ගුණය වඩාත් ඉස්මතු වී පෙනෙන නිසයි.

ජොබ් එක නැතිවූ දා

ගෙයි අඳුරු මුල්ලක
යන්තම් හිනාවෙන
හාල් ඩිංගක්

“හොඳි උයන්න දේකුත් නෑ ළමයි බඩගින්නෙ තියන්නෙ කොහොමද ”

බිරිඳගේ මුණු මුණුව

“ලිව්වෙ නැද්ද අලුත් මුකුත්?
මහත්තයා ලිව්ව සින්දුවක් ඊයෙත් ටීවි එකේ ගියා”
අහල පහළ ප්‍රතිචාර හොඳයි
හොඳ වෙලාව උදව්වක් ඉල්ලන්න
උදව් කළ හැකි හැමට
ලෝන් එකෙන් දුවන
ජංගම දුරකථනයෙන් කෝල් පිට කෝල්
ඒත් නෝ කතා නෝ සිනා
අයි ඇම් බිසී
කෝල් මී ලේටර්

“ඒකත් හොඳයි
මේ කෝල් කන්දරාවට
උන් උත්තර දුන්න නම්
ෆෝන් බිල තවත් වැඩි වෙයි”

රොඩ්නි විදානපතිරණ

 

wall එක