නාගරික බාලිකා පාසල් වල සිසුවියන් ලිංගික චර්යාවන්ට යොමු වීමේ ඉහල ප්‍රවණතාවක් – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ.නීති වෛද්‍ය නිලධාරී, ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර

තම දරුවන්ගේ අධ්‍යාපනය එකවරම කඩා වැටීම,පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම, නුරුස්නා ගතිය, තමාටම තුවාල සිදුකර ගැනීම සහ සියදිවි නසා ගැනීමට තැත් කිරීම වැනි කරුණු හේතුවෙන් දෙමාපියන් විසින් පාසල් දරුවන්, විශේෂයෙන් ගැහැණු දරුවන් සමහර දෙමව්පියන් විසින් උපදේශනය සඳහා යොමු කරනු ලබනවා.ඒ සඳහා වන සිද්ධීන් වලට එම දරුවන් මුලින් විවිධ හේතූන් කියාපෑවත් ඔවුන් සමග විශ්වාසය ඇතිකර ගැනීම මගින් එම කරුණු වලට මුල් වන සැබෑ හේතූන් අනාවරණය කර ගැනීමේදී හෙළිදරව් වූ කරුණු ඔස්සේ විමසුම් කිරීමේදී , සමලිංගික ප්‍රේමයන් සහ සමලිංගික චර්යාවන්ට මෙම දරුවන් බොහෝ දෙනා පෙළඹී ඇති බව අනාවරණය වුණා.
තවදුරටත් මේ සම්බන්ධව සොයා බැලීමේදී නාගරික ප්‍රධාන පෙළේ බාලිකා පාසල් වල මෙම තත්ත්වය ඉතා ඉහළ මට්ටමින් පවතින බවත් නේවාසිකාගාර ඇති පාසල්වල මෙම තත්ත්වය තවත් දරුණු බවත් නිරීක්ෂණය කළ හැකි වුණා.සමහර නේවාසිකාගාරවල පාලිකාවන් ද මෙවන් සබඳතාවල යෙදෙන බවට තොරතුරු තියෙනවා.

ගම්බද පාසල් වලින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත්ව නාගරික පාසල් වලට ඇතුළත් වන ළමයින්ට එහිදී අලුතින් මිතුරු වන ළමයින් බොහෝ විට මෙවැනි සබඳතාවලට යොමු කරගෙන ඇති බව දක්නට ලැබෙනවා.
පිරිමි ළමයින්ගේ පාසල් පාසල්වල ද මෙය කාන්තා පාසල් වලට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වුවද සැලකිය යුතු මට්ටමකින් දක්නට ලැබෙනවා.

ගම්බද පාසල් වලින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්වය සමත්ව නාගරික පාසල් වලට ඇතුළත් වන ළමයින්ට එහිදී අලුතින් මිතුරු වන ළමයින් බොහෝ විට මෙවැනි සබඳතාවලට යොමු කරගෙන ඇති බව දක්නට ලැබෙනවා.
පිරිමි ළමයින්ගේ පාසල් පාසල්වල ද මෙය කාන්තා පාසල් වලට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් වුවද සැලකිය යුතු මට්ටමකින් දක්නට ලැබෙනවා.එහිදී බොහෝ විට ක්‍රීඩා කණ්ඩායම් වලට අලුතෙන් එක්වෙන හෝ ඒ සඳහා පුහුණුවලට පැමිණෙන ළමයින් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන් විසින් මේ සඳහා යොමු කරගන්නා බව දක්නට ලැබෙනවා.විශේෂයෙන් කණ්ඩායම් තරඟ සඳහා සහ කඳවුරු සඳහා පාසලෙන් පිටතට ගොස් රාත්‍රී කාලයන් රැඳී සිටින අවස්ථාවල දී මේ සඳහා යොමුවන බව සමහර ළමයින් විසින් අනාවරණය කළා.

වයස අවුරුදු එකොළහ දොළහ වැනි ළාබාල වියේ දරුවන් විශේෂයෙන් ගැහැණු දරුවන් සමලිංගික ක්‍රියාවන්ට යොමුවීම ඉතා බරපතල කරුණක් ලෙස සැලකිය යුතු වනවා.ඒක හරියට මත්ද්‍රව්‍ය ගත්තා වගේ ස්නායු උද්දීපනයන් හේතුවෙන් ඇබ්බැහි වීමේ දැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. එම “ප්‍රේම සබඳතා” සමහර විට එක් අයෙකුට පමණක් සීමා වන්නෙත් නැහැ. පහුගිය කාලේ මෙම කුඩා දරුවන්ට පවා ජංගම දුරකථන වල සමාජ ජාල වෙබ් අඩවි පරිහරණය කිරීමට ඉඩ දීම මගින් එතුළ සකසාා ගන්නා කණ්ඩායම් වල සාමාජිකයන් අතර අන්තර්ජාලය ඔස්සේ ද තම තමන් නිරාවරණය වී ලිංගික උත්තේජනයන් ලබා ගන්නා බව දක්නට ලැබෙනවා.
අධ්‍යාපන කටයුතු බිඳ වැටීම මෙන්ම මෙම “ප්‍රේම සබඳතා” වල ඇතිවන යම් යම් සුළු සුළු ගැටුම් නිසා සමහර දරුවන් තම සිරුරට හානි කර ගැනීම මෙන්ම සිය දිවි නසා ගැනීමටට පවා පෙළඹෙන බව දක්නට ලැබෙනවා.පසුගිය කාලයේ සිදුවූ පාසල් දරුවන්ගේ සිය දිවි නසා ගැනීම් වලට මෙවන් කරුණක් පදනම්ව තිබුණේදැයි සොයා බැලීම වැදගත් වනවා.

මේවාට පෙළඹීම මගින් අනාගතයේදී සිය විවාහ දිවිය අසාර්ථක වීමත් බහු ලිංගික සේවනය මෙන්ම වාණිජ ලිංගික කටයුතුවලට යොමු වීමටත් වැඩි හැකියාවක් තියෙනවා.එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ ශීඝ්‍රඝ්‍රයෙන් ඉහළ යන බවට ප්‍රකාශිත ලිංගාශ්‍රිත රෝග වැළඳීමේ හැකියාවද මෙහිදී අවධාරණය කළ යුතු වනවා.
බොහෝ පාසල් වල ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන් ද මෙම තත්ත්වය පිළිබඳව පැහැදිලිවම දැනුවත් වුවත් ඔවුන් ඒවා බාහිරට නිරාවරණය වීම මගින් පාසලේ කීර්ති නාමයට හානියක් වීමට ඉඩ ඇති බව සලකා ඒ සඳහා දෙමාපියන් දැනුවත් වීමට හෝ වෙනත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීමක් හෝ සිදු කරන්නේ නැහැ. ඒ නිසා බොහෝ පාසැල්වල මෙය ” ප්‍රසිද්ධ රහසක් ” බවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත් නගර වලින් බැහැර ගම්බද, පාසල්වල විශේෂයෙන් මිශ්‍ර පාසල් වල මෙම තත්වය ඉතාම අවම බව කැපී පෙනෙන තත්ත්වයක්.එය ද කිව යුතුමයි.

මිනිසුන්ගේ චර්යාවන් පාලනය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් භාවිතා වනවා.

ඒ පළමු ක්‍රමය නීතිය ලෙසින් හා.
දෙවන ක්‍රමය ආගම සහ සදාචාරය ලෙසින්

මිනිසා මනසින් උසස් වන්නේ ඔහුගේ චර්යාවන් පාලනය කර ගැනීමේ හැකියාව ඔහු සතු නිසයි.

නීතිය ගතහොත් ප්‍රසිද්ධියේ හෝ අප්‍රසිද්ධියේ සම ලිංගික චර්යාවන් වල යෙදෙන හෝ එයට පාර්ශ්වකරුවන් වන පුද්ගලයන්ට දණ්ඩ නීති සංග්‍රහයේ 365 (අ) වගන්තිය යටතේ වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක් මෙන්ම අවුරුදු 18ට වැඩි පුද්ගලයෙකු විසින් අවුරුදු 16 ට අඩු පුද්ගලයකු සමග මෙලෙස හැසුරුනේ නම් ඔහුට වසර 10සිට 20දක්වා බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමේ හැකියාව තිබෙනවා.
එසේම 365(ආ) යටතේ වන බරපතල ලිංගික අපයෝජනය නම් වරද යටතේ ද මේ සඳහා වසර 7 සිට 20දක්වා බරපතල වැඩ සහිතව සිර දඬුවම් ලබා දීමේ හැකියාව තිබෙනවා.

කුඩා අවධියේ සිටම වයසට ගැලපෙන ආකාරයට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතාම අවශ්‍ය වනවා.සිරුරේ ලිංගික හෝමෝන ක්‍රියාත්මක වීම ඇරඹීමට ප්‍රථම සිට මෙම දැනුම ලබා දෙන්නේ නම් එමගින් ලිංගික උත්තේජනයන් ඇති නොවීම හේතුවෙන් දරුවන් ඒවා අත්හදා බලන්න යොමු වන්නේ නැහැ. ටියුෂන් පන්ති නිසා දහම් පාසල් අධ්‍යාපනය වෙත දරුවන් යොමු නොවීමත් මේ සඳහා මූලිකව බලපානවා.

නීති පිළිබඳව අවබෝධය පාසල් ළමයින්ට ලබාදීම මේ අනුව ඉතා වැදගත් වනවා.
එසේම නීතියට වඩා කුඩා වයසේ සිටම සිය ආගම දහමට ලැදි කිරීම මගින් නව යොවුන් වියට එළඹෙන දරුවන් තුළ ඇතිවන ලිංගික උත්තේජනයන් සහ ආවේගයෙන් පාලනය කර ගැනීමේ හැකියාව ඇතිවෙනවා.ආගම දහමට තදින් යොමු වී සිටි රටක් ලෙස 1980 අගභාගයේ ඒඩ්ස් රෝගය හඳුනාගන්නා විට ආසියාවේ වසර ගණනාවක්ම අවම රෝගීන් ප්‍රමාණයක් සිටි රට බවට අපේ රට වාර්තා වීම පුදුමයක් වුණේ නැහැ.නමුත් මේ වන විට තත්ත්වය බොහෝ වෙනස් වෙමින් පවතිනවා. අන්තර්ජාලය ඇතුළු තාක්ෂණික මෙවලම් දරුවන් අතර පත්වීම නිසා අවිධිමත්ව ලිංගික කරුණු වලට ප්‍රවේශ වීමට දරුවන්ට හැකියාව ලැබෙනවා. මේ නිසා කුඩා අවධියේ සිටම වයසට ගැලපෙන ආකාරයට ලිංගික අධ්‍යාපනය ලබාදීම ඉතාම අවශ්‍ය වනවා.සිරුරේ ලිංගික හෝමෝන ක්‍රියාත්මක වීම ඇරඹීමට ප්‍රථම සිට මෙම දැනුම ලබා දෙන්නේ නම් එමගින් ලිංගික උත්තේජනයන් ඇති නොවීම හේතුවෙන් දරුවන් ඒවා අත්හදා බලන්න යොමු වන්නේ නැහැ. ටියුෂන් පන්ති නිසා දහම් පාසල් අධ්‍යාපනය වෙත දරුවන් යොමු නොවීමත් මේ සඳහා මූලිකව බලපානවා.

ගැහැණු දරුවන් ස්වභාවිකවම සිරුරේ කාන්තා හෝමෝන ක්‍රියාත්මක වීම තුළ ලිංගික කටයුතු වලට වැඩිපුර ඇදී යාමක් දක්නට ලැබෙනවා. විශේෂයෙන් සඳේ බලපෑම ඇති පසළොස්වක පෝය කාලයට මෙම හෝමෝන වලක්‍රියාකාරිත්වය වැඩිවන බවක් නිරීක්ෂණය වනවා. ඉතින් මේ පෝය දිනට ඇතිවන ලිංගික ආවේගයන් පාලනය කිරීමේ ක්‍රමයක් ලෙස පසළොස්වක පෝය දිනවල පෙහෙවස් සමාදන් වීමට අතීතයේ සිටම වැඩිපුරම ස්ත්‍රී පාර්ශ්වයන් ,විශේෂයෙන් ආච්චිලා සමග මිණිපිරියන් යොමුව සිටියා විය හැකියි. නමුත් වර්තමානයේ කුඩා වයසේ ගැහැණු දරුවන් සිල් සමාදන්වීම අඩුවීමත් මේකට හේතුවක් වෙන්න පුළුවන්.ඒක නිසා සාරධර්ම පිළිපැදීමට. සහ ආගමික කටයුතුවලට දරුවන් කුඩා කාලයේ සිටම යොමු කිරීම, අධ්‍යාපනයට දරුවන් යොමු කිරීමටත් වඩා වැදගත් වන්නේ අනාගත සමාජය ශික්ෂණයකින් යුක්ත යහපත් සමාජයක් බවට පත්කිරීම අද දවසේ දෙමාපිය ගුරුවරු වැඩිහිටි අප සැමගේ යුතුකමක් බව අවධාරණය කළ යුතු වනවා.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ.

නීති වෛද්‍ය නිලධාරී, ශ්‍රී ලංකා ජාතික රෝහල, මහනුවර.

ඉරා අදුරුපට