නාමල්ගේ ඉල්ලීම පක්ෂ නවයේ නායකයෝ ඉවත හෙළති

රාජපක්ෂ පවුල දේශපාලනයෙන් ඉවත් විය යුතු බවට පොදු හඬක් නැඟී තිබියදීත් පවතින ආණ්ඩුව පෙරලා දමා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන කරන ලද යෝජනාවක් ආණ්ඩුවෙන් ඉවත් වූ හවුල්කාර පක්ෂ විසින් ප්‍රතික්ෂේප කර තිබේ. එහිදී එම පක්ෂ නායකයන් පවසා ඇත්තේ පවතින අර්බුදයට රාජපක්ෂලා ද වග කිය යුතු බැවින් ඔවුන් සමග තවදුරටත් ආණ්ඩු පිහිටුවිය නොහැකි බවකි..ඒ අනුව නාමල් රාජපක්ෂ මහතා ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් විය යුතු බැවින් ඔහු සමඟ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ද පක්ෂ නායකයන් තීරණය කර තිබේ.නාමල් රාජපක්ෂ මහතා මෙම යෝජනාව එම පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කර ඇත්තේ වාසුදේව නානායක්කාර මහතා හරහා ය.

කාලීන පුවත්