නාමල්ගේ විවාහයේ ලක්ෂ විසි හයේ විදුලි බිල සනත් නිශාන්ත ගෙවයි

තංගල්ලේදී 2019 වසරේ පැවැති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය දුන් විදුලිය වෙනුවෙන් මෙතෙක් නොගෙවා පැහැර හැර තිබූ රුපියල් රුපියල් 2,682,246.57 ක තිබූ මුදල රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඊයේ (2) කොළඹ පිහිටි ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදී ගෙවන ලදී.එම අවස්ථාව සඳහා එහි කැඳවා සිටි මාධ්‍යවේදීන් අමතා ඔහු කියා සිටියේ එම මුදල නාමල් රාජපක්ෂ මහතාට ද නොදන්වා තමන් ගේ ඉස්සන් කොටු ව්‍යාපාරයෙන් උපයා ගත් ආදායමින් එය පෞද්ගලිකව ගෙවූ බවයි.හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා තම දේශපාලනයට සේම ඉස්සන් ව්‍යාපාරයට ද අසීමාන්තිකව අනුග්‍රහය දැක්වීම මත ඔහු ගේ කීර්ති නාමයට කැළලක් වීම වළක්වා ලනු පිණිස මෙම මුදල ගෙවා දැමූ බව ද සනත් නිශාන්ත මහතා කීය.

කාලීන පුවත්