නාමල්ට එරෙහි මහාධිකරණයේ නඩුවක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව ක්‍රිෂ් සමාගමට අයත් රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවරීමක් සිදු කර ඇත.ඒ ඉන්දියානු දේපළ සමාගමක් වන ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම විසින් ශ්‍රී ලංකාවේ රග්බි ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා ලබා දුන් රුපියල් මිලියන 70ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙනි.මෙම සිද්ධියට අදාළව නාමල් රාජපක්ෂ මහතා දැනට ඇප මත මුදා හැර සිටී. මූලික විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) විසින් සිදු කර ඇති අතර, ඉන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ‘බී’ වාර්තාවක් ගොනු කර ඇත. ක්‍රිෂ් සමාගම විසින් ලබා දුන් අරමුදල් චෝදනා ලාභියා විසින් අවභාවිතා කර ඇති බවත්, සමාගමේ අපේක්ෂිත අරමුණු සඳහා යොදා නොගත් බවත් චෝදනා කරමින් 2015 වසරේදී, අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් පැමිණිල්ලක් ගොනු කර තිබිණ. මෙම නඩුව සම්බන්ධයෙන් ඉදිරි විභාග කටයුතු කොළඹ මහාධිකරණයේදී පැවැත්වීමට නියමිත ය.නාමල් රාජපක්ෂ මහතා මේ වන විටත් මෙම චෝදනා සම්බන්ධයෙන් තම නිර්දෝභාවය ප්‍රකාශ කර ඇති අතර නීත්‍යානුකූල ක්‍රියාමාර්ග හරහා තම ස්ථාවරය තහවුරු කිරීමට අපේක්ෂා කරන බව ද පවසා ඇත. කෙසේ වෙතත් ඉදිරි අධිකරණ ක්‍රියාවලිය තුළින් මේ සම්බන්ධ සත්‍යය තහවුරු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.