නාමල් ගේ “පරම්පරා සාටකය” ගැන පොහොට්ටුව ඇතුළේ අපැහැදීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනවල ජනාධිපති වරයා සම්බන්ධ විවේචනාත්මක ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු දේශපාලනඥයන් අතරේ ප්‍රධාන කතිකාවක් ඇති වී තිබේ.ඒ වර්තමාන දේශපාලන ව්‍යුහය පිළිබඳ යාවත් කාලීන දැනුමක් නොමැති ඒ මහතා රාජපක්ෂ පවුලේ පරම්පරා සාටකය බව කියන රෙදි කඩ ද ගෙලවට දමාගෙන දේශපාලන කරලියට පැමිණ රට නැවත රාජපක්ෂ පවුල්වාදී පාලනයකට ගෙන යාමට අරඇඳීමේ අසාර්ථක වෑයමක යෙදෙන බවට ය. ශ්‍රී ලංකා පොදු පෙරමුණේ තරුණ මන්ත්‍රී වරුන් දක්වන මෙම මතය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජාතික සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනුයේ පසුගිය ගාලු මුවදොර අරගලයෙන් රාජපක්ෂ පවුල් වාදය මෙරට දේශපාලනයෙන් තුරන් කළ යුතු ය යන හඬ තුළ මෙරට තරුණ පරපුරේ නියෝජනයක් ද ඇති බැවින් එය මුළුමනින් අමතක කළ නොහැකි බව ය. එමෙන්ම අප රටේ තරුණ පෙළ නියෝජනය කරන නාමල් රාජපක්ෂ මහතා ඔවුන් විසින්ම කුරහන් සාටකය ලෙස නම් කරන රාජපක්ෂ පවුල් සංකේතය තව දුරටත් පැළඳීම නූතන ලෝකයට නොගැලපෙන බවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් නාමල් රාජපක්ෂ මහතාට වරි වර කරුණු දක්වා ඇතත් ඔහු පවසා ඇත්තේ රාජපක්ෂ ආධිපත්‍යය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් ඉවත් කිරීමේ යටි අරමුණින් ඇතැමුන් එවැනි මතයක් පක්ෂය තුළ පතුරුවන මුත් තමන් කෙසේවත් ඊට එකඟ නොවන බව ය.ඔහුගේ මෙම අත්තනෝමතික මතය මුල් කොට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ තරුණ මන්ත්‍රී වරුන් පිරිසක් සමඟි ජන බලවේගය හා එක්වීමේ සූදානමක් පවතින අතර කලින් තම පියාණන් පිළිබඳව අසීමාන්තිකව වර්ණනා කළ එහි නායක සජිත් ප්‍රේමදාස මහතා තමන් නිදහස් අදහස් දරණ ස්වාධීන පුද්ගලයකු බවත් තම පියා කළ සියළු දේවල් එලෙසින්ම නොකරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නැඟු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීම ද විශේෂ අගැයුමකට ලක් කොට තිබේ.ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතා හැඳින්වීමට ඔහු ගේ දේශපාලන විරුද්ධවාදීන් යෙදූ”පුතානෝ”යන සරදම් නාමය කල් ඉකුත් වූවක් බව ඔව්හු පවසති.තව තව ද ශ්‍රී ලංකා පොදු පෙරමුණේ තරුණ මන්ත්‍රී වරුන් පවසනුයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ ලේකම් සාගර රත්නායක යන මහතුන් පවා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙල සම්බන්ධයෙන් සාධනීය ලෙස කරුණු දක්වන අතරේ නැවත අප රට නවීනත්වයෙන් තොර “සාටක දේශපාලනය” වෙත ඇදගෙන යාමට වෙර දරන නාමල් රාජපක්ෂ මහතාට ජාතික නායකත්වයක් ලබා දීම දේශපාලනමය වශයෙන් නවීන රථයකින් බැස පැරණි බර කරත්තයකට නැඟීමක් බව ය.එහි දී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනුයේ මහින්ද රාජපක්ෂ මහතා ගම් කුකුළකු නම් නාමල් රාජපක්ෂ මහතා බ්‍රොයිලර් කුකුළකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය ද පූර්ණ සත්‍යයක් බව ය.

කාලීන පුවත්