පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ මංගල්‍යය සම්බන්ධ හිඟ විදුලි බිල ගෙවීම තමන් රාජපක්ෂ වරුන් වෙනුවෙන් කළ ආයෝජනයකැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කියයි.තමන් මින් පෙර ද ස්ථාවර තැනපත් දැමීම වැනි එවැනි ආයෝජන සිදු කොට ඇති අතර ඉන් තමන්ට වැරදී නැති බව ද ඒ මහතා කියයි.සති අන්ත පුවත් පතක් හා එක් වෙමින් රාජ්‍ය ඇමති වරයා කළ එම ප්‍රකාශය මෙලෙසිනි. “මීට කලිනුත් මම රාජපක්ෂවරු වෙනුවෙන් එහෙම ආයෝජන කරලා තියෙනවා. වයඹ ඡන්දයට මහින්ද රාජපක්ෂ මහත්මයා අපේ දිස්ත්‍රික්කයට එනකොට තමයි මම පළමුවෙනි ආයෝජනය කළේ. එදා එතුමා බලා ගත්තා කියලා මට කිසිම පාඩුවක් වෙලා නැහැ. ඒක අනාගතයට කරපු ආයෝජනයක් වුණා. ඇත්තටම මේ ලක්ෂ විසි හයත් මම කරපු ආයෝජනයක් හැටියටයි මම දකින්නේ. ව්‍යාපාරිකයෙක් විදිහටත් දේශපාලනඥයෙක් විදියටත් අනාගතයේදී මට ඒ ආයෝජනයේ ප්‍රතිඵල ලැබෙයි. එය මම හිතන්නේ ලක්ෂ විසි හයක ෆික්ස් ඩිපොසිට් එකක් දැම්මා කියලා. රාජපක්ෂවරු වෙනුවෙන් ආයෝජනය කරා කියලා මට වැරදිලා නෑ”