නාමල් ජනපතිවරණ සටන පටන් ගන්නේම ඡන්ද ලක්ෂ හතලිහකින්

මේ වන විට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා අවම වශයෙන් ලක්ෂ 40ක ස්ථාවර ඡන්ද ප්‍රමාණයක් පවතින බැවින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා තම ජනපතිවරණ සටන ඡන්ද ලක්ෂ 40කින්ම අරඹන බැවින් ඡන්ද පදනම මත මේ අවස්ථාවේ ඉදිරියෙන්ම සිටින්නේ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරයි. “පහුගිය කාලයේ රටම නොඉවසිල්ලෙන් බලන් සිටියේ පොහොට්ටුවේ අපේක්ෂකයා කවුද කියලයි.ඒත් පොහොට්ටුවෙන් නාමල් රාජපක්ෂ වගේ දක්ෂ, නියත වශයෙන්ම දිනන්න පුළුවන් රටම ඉල්ලන තරුණ අපේක්ෂකයෙකු ඉදිරිපත් කරයි කියලා කිසිවෙකු බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් කිසිවෙකු නොසිතපු මොහොතක අපේ අපේක්ෂකයා ඉදිරිපත් කළා. මම හිතන්නේ මුළු රටම එකම තැනකට ඒවි” යනුවෙන් ද ඒ මහතා කීය.මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දීය.

කාලීන පුවත්