ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා එම පක්ෂය තම පවුලේ බූදලයක් සේ සළකා කටයුතු කරන අතර එම තත්වය එම පක්ෂයේ අනාගතය කෙරෙහි කෙසේවත් හිතකර නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨතමයෝ කිහිප දෙනෙක් කියා සිටිති.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නා සම්බන්ධයෙන් තම තනි මතය පක්ෂයේ ස්ථාවරය ලෙස ඉදිරිපත් කිරීම පක්ෂය තුළ පවත්නා ප්රජාතන්ත්රීය ව්‍යුහය සිඳ බිඳ දමන්නක් බව කී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨතමයන් පවසනුයේ ඉදිරි ජනාපතිවරණ අපේක්ෂකත්වයට තමන් ඉදිරිපත් වන බවට ඔහු අනියමින් ප්‍රකාශ කළ ද තවමත් නාමල් රාජපක්ෂ මහතා මෙරට ජනපති ධුරය හෙබවීමට කෙසේවත් නුසුදුසු බව ය.එමෙන්ම දස බල සේනා ඇතුළු ඔහු පසුගිය කාලය තුළ ක්‍රියාත්මක කළ දේශපාලන ව්‍යාපෘතීන් බරපතල ලෙස අසාර්ථක වී ඇති අතරේ ඔහු ගේ මෙම අත්තනෝමතික ක්‍රියාකලාපයන් පක්ෂය කෙරෙහි දැඩි අහිතකර බලපෑම් ඇතිකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨතමයෝ කිහිප දෙනා අවධාරණය කරති.