සීදූවේ සිට ත්රිකුණාමලය දක්වා ගමන් ගන්නා ලද ප්රීමා භාණ්ඩ රැගත් දුම්රිය අද (07) කලාවැව දුම්රිය ස්ථානයත් අව්කන දුම්රිය ස්ථානයත් අතර මාර්ගයේදී පීලි පැනීම නිසා නැගෙනහිර දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා සිදුවිය.
අව්කන සිට කලාවැව දක්වා දුම්රිය මාර්ගයේ සිල්බර කොටන් විශාල ප්රමාණයක් දුම්රියේ ගැටී විනාශයට පත්ව තිබේ. මේ හේතුව නිසා මෙම මාර්ගයේ ගමන් ගන්නා දුම්රිය ඊයේ දහවල් දොළහ පමණ වන විටත් නතර කර දමා තිබුණි.
උදෑසන සිටම මෙහි අලුත් වැඩියා කටයුතු සිදුකිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් විශාල පිරිසක් යොදවා තිබූ අතර අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා පැය පහක පමණ කාලයක් වත් වැය වෙනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයකු පැවසීය.