නැගෙනහිර වෙරළ තීරය සම්බන්ධ කාලගුණික අනතුරු ඇඟවීමක්

ශ්‍රී ලංකාවට ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශයට යාත්‍රා කිරීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙයි. මේ වනවිටත් එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින්නේ නම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙස ද ඔහුන් ගෙන් ඉල්ලීමක් කෙරේ.මෙම අඩුපීඩන කලාපය ලබන අගහරුවාදා වනවිට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින අතර එය ලබන බදාදා වන විට නැගෙනහිර වෙරළ තීරයට ළගාවනු ඇතැයි කාලගුණ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.

කාලීන පුවත්