රසායනික පොහොර ආනයනය අත්හිටුවා කාබනික පොහොර පමණක් ආනයනය කරන බවට ගැසට් පත්‍රයක් පවා ප්‍රකාශයට පත් කළ රජය යූරියා මූලද්‍රව්‍යයක් කර ගත් නැනෝ නයිට්‍රිජන් දියර පොහොර ගුවන් මඟින් ගෙන්වා ගෙන ඇති බැවින් ඉහත සඳහන් ගැසට් නිවේදනය අවලංගු කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කියයි.නමුත් මෙම මාස් කන්නය මුළුමනින්ම ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කාබනික පොහොර වලින් පවත්වා ගෙන යායුතුය යන දැඩි ස්ථාවරයක පසු වූ රජය මෙම පොහොර ආනයනය සම්බන්ධයෙන් උනන්දු වන ලද්දේ මීට නොබෝ දිනකට පෙරය.නමුදු මෙම නැනෝ නයිට්‍රිජන් දියර පොහොර වලින් කෘෂි අස්වැන්න ඉහළ යාමේ සම්භාවිතාව 10%කටත් අඩු බව මේ වන විට ඉන්දියාවේ කරන ලද පරීක්ෂණ වලින් සනාථ වී ඇති අතර එය එක් එක බෝග වර්ගය,පස සහ දේශගුණය සම්බන්ධයෙන් බලපාන අන්දම පිළිබඳව මෙතෙක් විධිමත් පරීක්ෂණ සිදුකොට නොමැති බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.