ඉන්දියාවෙන් මෙරටට නැනෝ පොහොර ගෙන්වීමට සම්බන්ධ වූ සීමාසහිත යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගමේ සභාපති මොහාන් පෙරේරා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.නැනෝ යූරියා දියර පොහොර ගෙන ඒමේ දී රුපියල් කෝටි ගණනක අති විශාල වංචාවක් සිදුව ඇති බවට විපක්ෂය නඟා ඇති චෝදනා සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර තමන් වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කැඳවා පෞද්ගලිකව ම නියෝග කර ඇතැයි ද වාර්තා වෙයි..
ඒ අනුව අදාල විමර්ශන මේ වනවිටත් ආරම්භ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූනු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.නමුත් ඔහු මේ දක්වාම පැමිණීම මඟ හැර ඇති බව පැවසෙයි.ඒ අනුව ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් මත ඔහු අත් අඩංගුවට ගැනීමට සිදු වනු ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.අදාල රාජ්‍ය අමාත්‍ය ධුරය හොබනනුයේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ය.