වර්තමාන ඩොලර් හිඟය හේතුවෙන් ලාෆ් සහ ලිට්රෝ ගෘහස්ථ ගෑස් වර්ග දෙකම වෙළෙඳපොල තුළ දැඩි හිඟයක් ඇති වී තිබේ.බැංකුවලින් ඩොලර් නොලැබීම නිසා ගෑස් ආනයනය කළ නොහැකි තත්වයක් ඇති වී තිබෙන බව කී ‘ලාෆ්’ ගෑස් සමාගමේ සභාපති ඩව්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා ණයවර ලිපියක් විවෘත කිරීමට අපහසු වී ඇති බව ද කීය.ලිට්රෝ ගෑස් සමාගමේ පකාශකයකු පැවසුවේ එම සමාගම සාමාන්‍ය පරිදි ගෑස් සැපයුම පවත්වාගෙන යන බවත් ‘ලාෆ්’ ගෑස් හිඟයත් සමඟ ලිට්රෝ ගෑස් ඉල්ලුම ඉහළ ගොස් ඇති බවයි.මෙම ගෑස් හිඟය මත නැවත ගෑස් පෝලිම් ඇති වීමේ පහසු අවකාශයක් මතු විය හැකි බව වෙළඳ පළ ආරංචි මාර්ග සඳහන් කරයි.