බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස හතක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි ඊයේ(08)රාත්‍රී 9.00 සිට පැනවූ පොලිස් ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නිවේදනය කරයි.මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවත් එම පොලිස් බලප්‍රදේශවල සියලුම පුද්ගලයන් තමන්ගේ නිවාසවල රැඳී සිටිය යුතු අතරම පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බාධා කිරීමත් ලෙස සළකා තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බලප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත් ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි. මෙම තත්වය යටතේ අගනුවර වෙත පැමිණෙන සියළුම දුම් රිය සහ බස් රථ සේවා ද නවතා දමා ඇත.