නිදහසින් පසු ගත වූ වසර හැත්තෑ හය තුළ මෙරට පාලනය කළ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විසින් දිගින් දිගටම මෙරට ජාතික ධනය සූරාකෑම ඇතුළු අනේක විධ අවභාවිතාවන් හි යෙදීම හේතු කොට ගෙන මේ වන විට ශ්‍රී ලාංකේය ජනතාව සමාජ, ආර්ථික වශයෙන් බරපතල බිඳවැටීමකට පත්ව ඇතැයි යන මතයක් සමාජය පුරා පැතිර යමින් තිබේ. මෙම අදහස නැවත නැවතත් වර නැඟෙනුයේ දේශපාලන වේදිකා මගින් බව ද නොරහසකි. 1948 වසරේ අප රට බ්‍රිතාන්‍ය පාලනයෙන් අත්මිදීමේ සිට මේ දක්වා වන කාල සීමාව තුළ විවිධ දේශපාලන පක්ෂ,සන්ධාන ආදිය මගින් රටේ පාලන බලය හසුරුවා ඇති අතර ඒ සම්බන්ධ ප්‍රමුඛතම වගකීම් දැරූ දේශපාලනඥයන් සිය ගණනකි. එම පක්ෂ සන්ධාන සහ පුද්ගල ක්‍රියාකාරීත්වයන් අප රටේ සංවර්ධනය කෙරෙහි සාධනීය හා නිෂේධනීය වශයෙන් බලපා ඇති බව පිළිගත යුතු ය. එහෙත්, ඒ සියලුම පක්ෂ, සන්ධාන සහ පුද්ගලයන් “එකම ගොඩකට දමා” ඔවුන් මෙරට ජාතික ධනය සූරා කෑ බවටත් අවභාවිතා කළ බවටත් කිසිදු විශ්ලේෂණාත්මක පදනමකින් සිදු කරන චෝදනා වල කිසිදු විද්‍යාත්මක හා ශාස්ත්‍රීය අගයක් නොමැති බව පළමුව කිව යුතු ය. එමෙන්ම තමන් ගේ දේශපාලනමය අභිමතාර්ථ කතා හෝ ගත වූ වසර හැත්තෑ හය තුළ මෙරට ස්ථාපිතව තිබූ සමස්ත දේශපාලන ව්‍යුහයටම එලෙස පදනම් විරහිත චෝදනා නැගීම විෂයානුබද්ධ චින්තනයක් තුළින් සෘජුවම ප්‍රතික්‍ෂේප වන්නකි.
නිදහසින් පසු රට බිඳ වැටුණු කතාවට මූලික පදනම වනුයේ පසුගිය කාලයේ බලයට පත් ඇතැම් ආණ්ඩු විසින් අනේක විධ සංවර්ධන යෝජනා ක්‍රම යන ජනානන්දනීය මාතෘකාව පෙරදැරි කොට රටේ සැබෑ සංවර්ධනයට අදාල නොවන අනේක විධ ව්‍යාපෘතීන් සඳහා පවා ඉවක් බවක් නොමැතිව විදේශ ණය ලබා ගැනීම සහ ඒවා අතිශය බරපතල ලෙස අවභාවිතාවන් හි යෙදවීම ය.ඒ නිසා අද වන විට ශ්‍රී ලංකාව බරපතල විදේශ ණය අර්බුදයක සිරවී ඇති බව ඒකාන්ත සත්‍යයකි.
ඉහත සඳහන් නිදහසින් පසු රට බිඳ වැටුණු කතාවට මූලික පදනම වනුයේ පසුගිය කාලයේ බලයට පත් ඇතැම් ආණ්ඩු විසින් අනේක විධ සංවර්ධන යෝජනා ක්‍රම යන ජනානන්දනීය මාතෘකාව පෙරදැරි කොට රටේ සැබෑ සංවර්ධනයට අදාල නොවන අනේක විධ ව්‍යාපෘතීන් සඳහා පවා ඉවක් බවක් නොමැතිව විදේශ ණය ලබා ගැනීම සහ ඒවා අතිශය බරපතල ලෙස අවභාවිතාවන් හි යෙදවීම ය.ඒ නිසා අද වන විට ශ්‍රී ලංකාව බරපතල විදේශ ණය අර්බුදයක සිරවී ඇති බව ඒකාන්ත සත්‍යයකි. කිසියම් සමාජයක උන්නතිය හෝ අවනතිය කෙරෙහි එම රටේ දේශපාලන යාන්ත්‍රණයන් සෘජුව බලපාන බව ද අමුතුවෙන් කිව යුතු නැත. නමුදු ඒ ක්‍රියාවලිය කෙරෙහි දේශපාලනික නොවන වෙනයම් බහුවිධ සාධක ද එපරිද්දෙන්ම බලපාන බව ඒ හා සම්බන්ධ සමාජ මානව විද්‍යාත්මක මතයයි.අප ගේ මෙම විමසුම එම මංපෙත ඔස්සේ සිදු කෙරෙන්නකි.
නිදහස ලැබීමෙන් පසු අප රට නිරතුරුවම පාලනය වූයේ සමාජවාදය සහ ධනවාදය යන අන්තයන් දෙක වෙත දෝලනය වූ අතරමැදි දේශපාලන ක්‍රම මගිනි. ඒ අනුව ගත වූ කාලය තුළ අප රටේ දේශපාලන ඉතිහාසය විමසා බලන විට මෙම සමාජවාදී සහ ධනවාදී ලක්ෂණ සම සමව උකහා ගැනීමට අපට අවකාශ හිමි වනු ඇත. එහෙත්, ඒ කවර හෝ දේශපාලන යාන්ත්‍රණයක් පදනම් කරගත් පාලන කාලය තුළ සමාජයීය වශයෙන් සාධනීය තත්වයන් ද දක්නට ලැබුණු බව නිදහසින් පසු කාල සීමාව වර්ෂයෙන් වර්ෂය අනුක්‍රමිකව විමසා බැලීමේ දී පෙනී යයි. ඒ අනුව නිදහස ලැබීමෙන් පසු මේ දක්වා ශ්‍රී ලාංකේය සමාජය බරපතල අර්බුදයන්ට පමණක් ලක් වූ බව පැවසීම ව්‍යාජ සේම එක්තරා අන්දමකින් කුහක ප්‍රකාශයක් ද බව අපගේ වැටහීම හා පිළිගැනීම ය.
සංවර්ධනය යන්න බහු අර්ථ සහිත වදනකි. විවිධ පැතිකඩ ඔස්සේ විස්තර කළ හැකි සංවර්ධනයේ මුඛ්‍ය ධාරාවන් මානව සංවර්ධනය, සමාජ සංවර්ධනය ආදී වශයෙන් විස්තර කළ හැක. එමෙන්ම එයට ආධ්‍යාත්මික සංවර්ධනය, මානසික සංවර්ධනය, සදාචාර සංවර්ධනය ආදී වශයෙන් විවිධාකාර අර්ථ නිරූපණ ලබා දිය හැක.
නමුත්, මේ වන විට සංවර්ධනය යනු ව්‍යවහාරික වශයෙන් භෞතික සංවර්ධනය අර්ථ නිරූපණය කිරීම පිණිස පමණක් යොදන වදනක් බවට පත්ව තිබේ. ඒ අනුව සරල චාම් ජීවන රටාවක් මගින් ගත කළ හැකි සැහැල්ලු, සැනසුම් දායක දිවි පෙවෙත යන්නට සංවර්ධනය යන උපකල්පනය මත අගයක් දීමට හිමිකමක් නැත. නමුත් බුදු දහමින් දිරිමත් කෙරන ජීවන හා සමාජ දර්ශනය මත මිනිසාට ලෞකික වශයෙන් වුව ඉහළම ප්‍රතිලාභ හිමිකර ගත හැක්කේ එවන් ආකල්පමය සංවර්ධනයකින් මිස හුදෙක් ලෞකික හා භෞතික සම්පත් ඒකරාශීත්වය නොවේ.ඒ කෙසේ වුවද නිදහසින් පසු ගත වූ වසර හැත්තෑ හයක කාලය තුළ මෙරට ජනතාවට හිමි වූ ‘කෙංගෙඩියක්’ නැතැයි පැවසීමට වඩා එම කාලය තුළ සිදු වූ සමාජමය පරිනාමය තුළ ජනතාව අත් පත් කර ගත් අනේක විධ ප්‍රතිලාභ සම්බන්ධයෙන් විමසා බැලීම යම් තරමකින් හෝ වැදගත් වනු ඇතැයි අපට සිතේ.
කිසියම් ජන සමාජයක ප්‍රගමනය විමසා බැලෙන සාධක අතුරින් භෞතික සම්පත් ඒකරාශීත්වය ද වැදගත් තැනක් ගනී. ඒ අතුරින් මිනිසා ගේ මූලික අවශ්‍යතා වන ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන, සෞඛ්‍ය පහසුකම් වලට ප්‍රධාන තැනක් හිමි වේ. බුදු සමයට අනුව මෙය සිව් පසය ලෙස හැඳින්වීමෙන් මෙය ශ්‍රමණ සමාජයකට පවා අත්‍යවශ්‍ය භෞතික සාධක බව පිළිගැනීමට අපට සිදුවේ. ඉහත සඳහන් මිනිසාගේ මූලික අවශ්‍යතා හතරට පරිබාහිරව අධ්‍යාපනය සහ ප්‍රවාහනය ද නූතන සංවර්ධනය හා සබැඳි අවියෝජනීය සාධක වශයෙන් පිළිගැනීමක් තිබේ.
ඉහත සඳහන් නිර්නායකයනට අනුව අප රටට නිදහස උදාවීමෙන් පසු මිනිසා ගේ ආහාර පාන, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන සහ සෞඛ්‍ය පහසුකම් යන මූලික අවශ්‍යතා සතර කෙබඳු ප්‍රමාණයකින් පරිනාමය වී තිබේද? යන්න විමසා බැලීම සාමාන්‍ය ව්‍යවහාර බුද්ධිය ඇත්තකු හට පවා කළ හැකි දෙයකි. එහිදී ආහාරය යනු හුදෙක් මිනිසා ගේ සාගින්න මැඩලීමට සහ ජීවන පැවැත්ම තහවුරු කිරීමට පමණක් සීමාවන්ය යන ආකල්පය මේ වන විට යල් පැන ගිය අදහසක් බවට පත්ව තිබේ. ඉහත සඳහන් අවශ්‍යතා සංතෘප්ත කිරීමට අමතරව ආහාරය මිනිසා ගේ රස නහර පිනවන හා මිනිසා සංතෘප්ත කරවන මාධ්‍යයක් ලෙස යොදා ගැනීම සම්බන්ධ නූතන ප්‍රවණතාවයන් කෙතරම් උත්තුංග තලයට පිවිස තිබේද? යන්න වත්මන් ආහාර විවිධාංගීකරණය තුළින් මනාව තහවුරු වේ. එමෙන්ම මේ වන විට ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ බහුවිධ ආහාර සංස්කෘතීන් ව්‍යාප්ත වෙමින් තිබෙනු ඉතා පැහැදිලිවම දක්නට පුළුවන. යහපත් අයහපත් බව කෙසේ වුවද මෙය අප රට නිදහස අත්පත් කර ගැනීමෙන් පසු අප රටේ සමාජමය පරිනාමයන් සමඟ ජනතාව වෙතට හිමි වූ භෞතික සංවර්ධනමය ප්‍රතිලාභයකි.
අප රටට නිදහස ලැබෙන අවදිය වන විට ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ දක්නට ලැබුණු සීමිත ඇඳුම් විලාසිතාවන් මේ වන විට කෙතරම් විවිධාංගීකරණයට ලක්ව තිබේද? ඒවා යාවත් කාලීන වීමේ ශීඝ්‍රතාව කෙබඳුද? යන්න ද වෙනම විමසුමට ලක් කළ යුතු ය.
“එංගලන්තෙ පරණ පැෂන් කොළොම් පුරේ අලුත් පැෂන්, කොළොම් පුරේ පරණ පැෂන් මේ පැත්තේ අලුත් පැෂන්” යනුවෙන් හැත්තෑව දශකයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද චිත්‍රපට ගීතයකින් පැවසුණු සමකාලීන සමාජමය ත්ත්වය මේ වන විට මුලුමනින් උඩු යටිකුරු වී තිබේ. ඒ අනුව අද වන විට එංගලන්තය ඇතුළු ලොව වෙනයම් කවර හෝ රටක දක්නට ලැබෙන අති නවීන ඇඳුම් විලාසිතාව එක් රැයින් නගරබද ගම්බද භේදයකින් තොරව රට පුරා ව්‍යාප්ත වීමේ පැහැදිලි ප්‍රවණතාවක් දක්නට ලැබේ.
“එංගලන්තෙ පරණ පැෂන් කොළොම් පුරේ අලුත් පැෂන්, කොළොම් පුරේ පරණ පැෂන් මේ පැත්තේ අලුත් පැෂන්” යනුවෙන් හැත්තෑව දශකයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචනා කරන ලද චිත්‍රපට ගීතයකින් පැවසුණු සමකාලීන සමාජමය ත්ත්වය මේ වන විට මුලුමනින් උඩු යටිකුරු වී තිබේ. ඒ අනුව අද වන විට එංගලන්තය ඇතුළු ලොව වෙනයම් කවර හෝ රටක දක්නට ලැබෙන අති නවීන ඇඳුම් විලාසිතාව එක් රැයින් නගරබද ගම්බද භේදයකින් තොරව රට පුරා ව්‍යාප්ත වීමේ පැහැදිලි ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඉහත සඳහන් ඇඳුම් විලාසිතා සහ ආහාර සංස්කෘතීන් හි එම විචල්‍යතාවට සන්නිවේදන මාර්ග පදනම් කර ගත් ගෝලීය බලපෑම ද ඉවහල් වී ඇති බව පැහැදිලිවම කිව යුතු ය.එමෙන්ම අද වන විට මෙම විලාසිතා පාරාසය කෙතරම් පුළුල් වී තිබේ ද යත් අතීතයේ අන්ත දුගීන් භාවිතා කළ බැලූ බැල්මට ඉරී ගිය කඩමාළු සේ පෙනෙන ජීන්ස් පවා නූතන තරුණ තරුණියන් අතරේ ජනප්‍රිය විලාසිතාවක් බවට පත්ව තිබේ.
මිනිසා ගේ මූලික අවශ්‍යතාවක් වන ඉදුම් හිටුම් පදනම් කර ගත් නිවාස ආදියට පදනම් වන ගෘහ නිර්මාණ ශිල්පය මේ වන විට කෙතරම් පුළුල් හා විවිධාංගීකරණ ලක්ෂණ පළ කරන්නේද? යත් මේ වන විට දිවයින පුරා ඉදිවෙමින් පවතින නවීන නිවාස ආදියෙන් මැනැවින් සනාථ වේ. එමෙන්ම නව නිවාස ඇතුළු ගොඩනැගිලි තැනීමේ නව ප්‍රවණතාවය සමාජය පුරා කෙතරම් ශීඝ්‍රයෙන් පැතිර යන්නේ ද කිවහොත් පැරණි නිවාස හා ගොඩනැගිලි කඩා බිඳ දැමීම ද එතරම් ඉහළ මට්ටමකට පත්ව ඇති බවක් පෙනේ.
ඒ අනුව මීට දශක පහ හයකට පෙර ප්‍රචලිත ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රමයකට අනුව තැනුණු මධ්‍යම පාන්තික නිවසක් මේ වන විට දක්නට ලැබෙනුයේ ටෙලි නාට්‍යයකින් පමණකැයි යනුවෙන් සරසවි ආචාර්යවරියක පසුගිය දා කී උපහාස කතාවේ සත්‍යයකටත් වඩා වැදගත් සමාජ දර්ශනයක් ගැබ්ව ඇතැයි මට සිතේ. ඒ අතර මීට වසර කිහිපයකට අප රටට පැමිණි මගේ හිතවත් ඉන්දීය සමාජ විද්‍යා මාහාචාර්ය වරයකු පවසා සිටියේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ගෘහ නිර්මාණ ශිල්පීය විවිධාංගීකරණය ඉන්දියාවේ වුවද පහසුවෙන් දක්නට නොලැබෙන බව තමනට හැඟෙන බවකි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය සම්බන්ධයෙන් ජනමාධ්‍ය වලින් වැඩිපුරම අසන්නට ලැබෙන කරුණු දෙකක් තිබේ. ඉන් පළමු වැන්න සෞඛ්‍ය සේවයට අයත් විවිධ වෘත්තිකයන්ගේ වර්ජන වන අතර ඖෂධ හිඟය දෙවැන්න ය. එහෙත්, ඒ දෙකම සමකාලීන අර්බුද බව නිසැක ය. තත්වය එසේ වුවද නිදහසින් පසු අප රටේ සෞඛ්‍ය සේවය අත්පත් කර ගත් විද්වත් වෘත්තික සේම විද්‍යා තාක්ෂණික ප්‍රගතිය සහ යටිතල පහසුකම් සංවර්ධනය දකුණු ආසියාතික මට්ටමින් පමණක් නොව ගෝලීය මට්ටමින් පවා ඉහළ ස්ථාවරයක පවතින බව ඒ සම්බන්ධ විද්‍යාත්මක අධ්‍යයනයන් හිදී පෙනී යයි.
ඒ අනුව නිදහස ලැබීමෙන් පසුව අප රට පාලනය කළ දේශපාලන පක්ෂ සහ දේශපාලනඥයන් විසින් නිරතුරු සිදුකොට ඇති ජාතික ධනය සූරාකෑම යන අවභාවිතාව මුල් කොට අද වන විට රට අඳුරු අගාධයකට වැටී ඇතැයි පැවසීම අප පැරණි ගැමි සමාජයේ බේගල් මුත්තාගේ බේගලයක සැඟව ඇති දාර්ශනික හරයවත් නොමැති නිසරු ප්‍රලාපයක් නොවේද? යන්න නිදහස් මනැසින් යුතුව සිතා බැලිය යුතුව තිබේ.
නිදහස ලැබීමෙන් පසු අප රටේ දේශපාලන ක්ෂේත්‍රය තුළ සිදු වූ සමාජවාදී වශයෙන් සැළකුණු වැදගත් පියවර වනුයේ ජනසතුකරණයයි. ජනසතුකරණය යනු වඩාත් යහපත් මහජන සේවාවක් ලබා දීම උදෙසා පෞද්ගලික වත්කම් කර්මාන්ත සහ ව්‍යාපාර රජයට පවරා ගැනීම ය. ඒ අතරිනුදු අප රටේ ජනතාවට වඩාත් සංවේදී ජනසතු කිරීමක් බවට පත් වූයේ 1958 ජනවාරි 01 දා සිදු කළ බස් ජන සතු කිරීම මගින් ලංකා ගමනා ගමන මණ්ඩලය ස්ථාපිත කිරීම ය. එහෙත්, පසුකාලීනව එළැඹි දේශපාලනමය අත පෙවීම්,පරිපාලනමය දුර්වලතා සහ වංචා දූෂණ ආදී හේතුන් මත නිරතුරුවන මහා ධනස්කන්ධයක් හිමි කර ගත හැකි මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවයේ ඒකාධිකාරී බලය හිමිකර ගෙන සිටි ලංකා ගමනා ගමන මණ්ඩලය නිරන්තර පාඩු ලැබීම මත එක්දහස් නවසිය හැත්තෑ හතේ බලයට පත් රජය විසින් මගීන් ප්‍රවාහන බස් රථ ධාවනය සඳහා පෞද්ගලික අංශයට ද ඉඩ ප්‍රස්ථාව හිමි කර දෙන ලදී. නමුත් අප රටේ පෞද්ගලික බස් රථ සේවාව ඇරඹූ මුල් කාලයේ කිසිදු ප්‍රමිතිගත බවකින් තොරව හිතුමතේට සිදුවූ පෞද්ගලික බස් රථ ධාවනය අද වන විට තරමක් දුරට රාජ්‍ය නියාමනය හා අධීක්ෂණය යටතේ පවතී. එහෙත්, අප රටේ සෙසු මහජන සේවාවන්ට සාපේක්ෂව පෞද්ගලික බස් සේවාවේ සැලකිය යුයුතු ගුණාත්මක වර්ධනයක් දක්නට නොමැති බව ඒ සම්බන්ධ නිරීක්ෂණයන් ගෙන් තහවුරු වී තිබේ. නමුදු මීට දශක කිහිපයකට පෙර බස් ගමනා ගමනය සම්බන්ධයෙන් නිතර දක්නට ලැබුණු මගී පෝලීම් සහ පොල් පැටෙව්වාක් බඳු මගීන් පැටවීම් සම්බන්ධ චෝදනා මේ වන විට බොහෝ දුරට අඩු වී ඇති බව ඉතා පැහැදිලිව පෙනෙන දෙයකි.එමෙන්ම මේ වන විට අප ජන සමාජයේ සැලකිය යුතු පිරිසක් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වාහන හිමි කරුවන් වීම මත පොදු ප්‍රවාහන සේවා භාවිතය ක්‍රමිකව අව ප්‍රමාණ වීමේ නැඹුරුවක් ද දැනටමත් පෙන්නුම් කෙරෙමින් පවතී.
වත්මන් නව ලිබරල්වාදය ව්‍යාප්ත වීමත් සමඟ එතෙක් අප සමාජය තුළ පැවැති පන්ති විෂමතාව ද බරපතල දෙදරීමකට ලක් විය. කලින් නාගරික ඉහළ හා පහල මධ්‍යම පන්තිය ග්‍රාමීය ඉහල හා පහල මධ්‍යම පන්තිය යනුවෙන් සම්මත නිර්නායක බිඳ වැටී පොදුවේ ශ්‍රී ලාංකිකයන් මධ්‍යම පන්තියක් ලෙස වේගවත් විස්තාරණයකට ලක්වනු වර්තමානයේ දක්නට පුළුවන. එමෙන්ම මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ කේන්ද්‍රීය අධ්‍යාපන ධාරාව වන නිදහස් අධ්‍යාපනය ද නිදහසින් පසු සැළකිය යුතු බිඳ වැටීමකට ලක් නොවී එදා මෙදා තුර ප්‍රවර්ධනාත්මක ලක්ෂණ පළ කොට ඇති බව අද වන විට ලෝකයට දායාද වූ විද්වත් වෘත්තියන් මුල් පෙළේ ව්‍යවසායකයන්, දේශපාලනඥයන් වැඩි දෙනෙකු ගෙන් පැහැදිලි වෙයි.
ඉහත සඳහන් සියලුම සමාජමය පරිනාමයන් සහ භෞතික සංවර්ධනයන් සමාජවාදී ධනවාදී ආර්ථික ක්‍රම කෙරෙහි නැඹුරුවක් දැක් වූ පාලන ක්‍රමයන් තුළ යම් යම් ප්‍රමාණවලින් දක්නට ලැබුණු අතර එහි පැහැදිලි උද්දීපනයක් දක්නට ලැබුණේ මේ වන විට අප රට පුරා ද ක්‍රියාත්මක වන ගෝලීය ප්‍රවණතාවක් වන නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය නිසා බව ඒ හා සම්බන්ධ නිරීක්ෂණයන් හිදී මනාව පෙනී යයි. එහෙත්,භෞතික සංවර්ධනය මත පදනම් වන මෙම උන්නතිය හුදු යහපත් ප්‍රවණතාවක් සේ සැළකිය නොහැක. ඒ සඳහා ගත හැකි සරල පහසුම නිදසුන වනුයේ දවස පුරා කය වෙහෙසා ශ්‍රමය වගුරන්නකු එම කටයුතු නිමාවේ “ඇඟේ අමාරුව යන්නට” කියා මත්පැන් ස්වල්පයක් පානය කිරීමට ය. ඒ මොහොතේ මත්පැන් නිසා එම කායික වේදනාව යටපත් වුවද එලෙස නිරන්තර මත්පැන් භාවිතය නිසා අකල් මරණයක් අත්වීම තෙක් වන දිගු කාලීන බරපතල සෞඛ්‍ය අර්බුදවලට ඒ තැනැත්තා ලක්වනු ඇත. නව ලිබරල්වාදී ගෝලීය ආර්ථිකය හිතුවක්කාර ලෙසින් ප්‍රවර්ධනය වීම නිසා හටගන්නා එවන් තත්වයන් සමනය කිරීම පිණිස සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංවිධිත සමාජ ආර්ථික ක්‍රමයක අවශ්‍යතාව පවතී. එහෙත්,දරුණු ආර්ථික ආගාධයකින් ක්‍රමානුකූලව ගොඩ එමින් පවතින අප රට එක්වරම එවැනි පරිවර්තනයකට ලක් කිරීම මඳ සුවයක් ලැබීම මත දැඩි සත්කාර ඒකකයෙන් පිටතට ගත් රෝගියකු කායික ව්‍යායාම වලට යොමු කිරීමක් වැනි අතිශය අවදානම් ක්‍රියාවකි.
වත්මන් නව ලිබරල්වාදය ව්‍යාප්ත වීමත් සමඟ එතෙක් අප සමාජය තුළ පැවැති පන්ති විෂමතාව ද බරපතල දෙදරීමකට ලක් විය. කලින් නාගරික ඉහළ හා පහල මධ්‍යම පන්තිය ග්‍රාමීය ඉහල හා පහල මධ්‍යම පන්තිය යනුවෙන් සම්මත නිර්නායක බිඳ වැටී පොදුවේ ශ්‍රී ලාංකිකයන් මධ්‍යම පන්තියක් ලෙස වේගවත් විස්තාරණයකට ලක්වනු වර්තමානයේ දක්නට පුළුවන. එමෙන්ම මේ වන විටත් ශ්‍රී ලංකාව තුළ කේන්ද්‍රීය අධ්‍යාපන ධාරාව වන නිදහස් අධ්‍යාපනය ද නිදහසින් පසු සැළකිය යුතු බිඳ වැටීමකට ලක් නොවී එදා මෙදා තුර ප්‍රවර්ධනාත්මක ලක්ෂණ පළ කොට ඇති බව අද වන විට ලෝකයට දායාද වූ විද්වත් වෘත්තියන් මුල් පෙළේ ව්‍යවසායකයන්, දේශපාලනඥයන් වැඩි දෙනෙකු ගෙන් පැහැදිලි වෙයි.
එබැවින් ඒ සම්බන්ධයෙන් මගේ සිත තුළ පැන නැගී ඇති බලවත් කුකුසකින් මෙම සටහන හමාර කිරීමට මට සිතෙයි. එනම් ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු බලයට පත් දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයන් අප රටේ ජනතාව අඳුරු අගාධයට ගෙන හැර දැමූ බවට සාවද්‍ය මත පතුරුවන්නේ ද එසේ නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය ලැබූ අප ගම්බද සමාජයෙන් මතු වී ආ අප ජාතියේම නුවණැති දරුවන් නොවෙද? යන්න ය.
මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර