නිධන් ගැන තියෙන්නේ වැරැදි මතයක් – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

නිධන් වදුලු නිසා නිධන් සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජය තුළ බිහිවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

නිධන් වදුල ඇතුළු 18 වන සියවසෙන් පසුව රචනා වූ පුස්කොල ලේඛන පාදක කර ගනිමින් නිධන් සම්බන්ධයෙන් වැරැදි මතයක් සමාජය තුළ නිර්මාණය වී ඇතැයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් පවසයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ දක්වා දිවයින පුරා කරන ලද කැණීම්වලදී නිධන් වදුලුවල සඳහන් පරිදි මහා අනර්ඝ සම්පත් හෝ මූල්‍ය වටිනාකම් සහිත සම්පත් හමුවී නොමැති බව ද ඔහු පැවැසුවේය.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කරන ලද්දේ මධ්‍යම අධිවේගී මාර්ගයට යාබදව වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුකරන නිධන් කැණීම සම්බන්ධයෙන් දැනුවත් කිරිම සඳහා මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකදීය.

 

කාලීන පුවත්