නියඟයෙන් ජලය සිඳී ගොස් ඇති ජලාශ කිහිපයක ඩොලර් මිලියන ගණනක මැණික් ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය දැනටමත් ඇස්තමේන්තු කර ඇති මැණික් ගැරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර සතියක් ඇතුළත වාර්තාවක් ලබාදෙන්නැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා දැනුම් දී තිබේ.මෙම දැනුම්දීම කර ඇත්තේ මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, විදුබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණායතනය හා දිස්ත්‍රික් ලේකම්වරුන්ට ය.සමනලවැව, ඉහළ කොත්මලේ, නෝටන් බි්රජ් ජලාශයන්හි එසේ මැණික් ගැරීම සඳහා අවසර දීමට වැඩපිළිවෙළ අනුව තීරණය කර ඇත.කෙසේ වෙතත් මෙම මැණික් ගැරීමේදී ජලාශවල සොරොවුව, වැව් බැම්ම, විදුලි නිෂ්පාදන සඳහා ජලය මුදා හැරෙන ස්ථානවලට කිසිදු හානියක් ඇති නොවන පරිදි පරිසරයට හානියක් නොවන පරිදි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව ද කමිටුව නිර්දේශ කර තිබේ.ඒ අතර ජලාශ අවට ගම්මානවල ජීවත්වන ආර්ථික පීඩනයෙන් පෙළෙන පුද්ගලයන්ට ද ආදායම බෙදී යන ආකාරය වැඩපිළිවෙල සකස් කරන්නැයි ද උපදෙස් දී ඇත.