නිර්පාක්ෂික අරගලයකට නායකත්වය දෙන්න සූදානම්

ඉදිරියේ ඇතිවන නිර්පාක්ෂික අරගලයක නායකත්වය බාර ගන්නා ලෙස ඉල්ලීමක් ලැබුණ හොත් තමන්ට එය භාර ගත හැකි බව හිටපු රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා කියයි.ඒ මාධ්‍යවේදීන්ගේ නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.තමන්ගේ ප්‍රජා අයිතිය පිළිබඳව අධිකරණ ඇමති වරයා සහ මැතිවරණ කොමසාරිස් වරයා විවිධ පළ කරන අතරේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එය පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ඉල්ලා ඇති පසුබිමක එය තමන්ට දැනටමත් ලැබී ඇතැයි තමන් සිතන කී රාමනායක මහතා සෙසු දේශපාලනඥයන්ගේ නිවෙස් ගිනි තබන අතරේ තමන්ට නිවාස නවයක් දීමට විවිධ පාර්ශව ඉදිරිපත් වීම හා වාහනයක් නොමැති වීම මත වාහන දීමට මඟින් තමන්ට ජනතාව ආදරය කරන අන්දම වැටහී ඇති බව ද කීය.එමෙන්ම දැන් තමන් ආහාර ගන්නා ආපන ශාලා හිමියන් තමන්ගෙන් ඒ සඳහා මුදල් ලබා නොගන්නා බව කී ඒ මහතා ඒ තමන් ජනතාවගේ පැත්තේ හිඳින්නකු නිසා බව දී කීය.

කාලීන පුවත්