පසුගිය ජුනි 9 සහ 10 යන දෙදින තුළ කොළඹ කොටුව සහ තලංගම ප්‍රදේශවල සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ගාලු මුවදොර නිර්පාක්ෂික අරගලකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලීසියට නියෝග කර තිබේ.රත්කරව්වේ ජිනරතන හිමි,ගල්වැව සිරිධම්ම හිමි ,අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න, ජගත් මනුවර්ණ සහ ධම්මික මුණසිංහ එරංග ගුණසේකර, සහ ජෙහාන් අප්පුහාමි ඇතුළු පිරිසක් ද ඒ අතර සිටින බව වාර්තා වෙයි.කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ගවල සහ පොලිස් මූලස්ථානය ඉදිරිපිට මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිදු කළ කඩාකප්පල්කාරී ක්‍රියා සම්බන්ධයෙන් මෙම කණ්ඩායම සැකකරුවන් ලෙස නම් කරමින් කොටුව සහ තලංගම පොලිස් ස්ථාන මඟින් අධිකරණයට කරුණු වාර්තාකර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කර තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනුයේ යතුරු පැදි, ත්‍රී රෝද රථ, ජංගම දුරකථන මෙන්ම මුදල් සොරකම් පිළිබඳව කොටුව පොලිස් ස්ථානයට පැමිණිලි රැසක් ලැබී ඇති බවකි.නමුත් නිර්පාක්ෂික අරගල කරුවන්ගේ පාර්ශවය කියා සිටිනුයේ මෙය මෙම අරගලය මැඩ පැවැත්වීම පිණිස රජය ගෙන යන සූක්ෂම වැඩ පිළිවෙලක ආරම්භය බවකි.