තාක්ෂණයේ දියුණුව නිසාම දිනෙන් දින වාර්තා වන නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට ,සමාජමාධ්‍යයට සහ වෙනත් මාධ්‍යවලට මුදාහැරීමට සම්බන්ධ සිදුවීම් සංඛ්‍යාව ඉහල යමින් පවතී.මේ සම්බන්ධව අදාල වන නීතිමය රාමුව සාකච්ඡා කිරීම කාලෝචිත යැයි සිතමු.
පළමුව අප දණ්ඩ නීති සංග්‍රහයේ 285 වගන්තිය දෙස අවධානය යොමු කරමු.
“285.අසභ්‍ය පොතක්,පත්‍රිකාවක් ,පත්‍රයක්,ඇඳීමක්,චිත්‍රයක් ,ඡායාරූපයක්,නිරූපනයක් හෝ රූපයක් විකුණන ,බෙදාහරින,පිටරටින් ගෙන්වන හෝ විකිණීම හෝ කුලියට දීම සඳහා මුද්‍රණය කරන හෝ ඕනෑවටම මහජන දර්ශනයට තබන හෝ එලෙසක් කිරීමට තැත් කරන හෝ ඉදිරිපත් වන තැනැත්තෙකුට තුන් මාසය දක්වා කාලයක දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකින් හෝ දඩයකින් හෝ එකී දඬුවම් දෙකින්ම දඬුවම් කළ යුතුය.”
ඉහත වගන්තිය අනූව නිරුවත් ඡායාරූපයක් සමාජයට මුදාහරින පුද්ගලයෙකු වගන්තියේ සදහන් බෙදාහැරීම නම් ක්‍රියාව සිදු කරන හෙයින් මෙම වගන්තිය යටතේ වරදක් සිදු කරනු ලබයි.
දණ්ඩ නීති සංග්‍රහයේ 286 වගන්තියේ දැක්වෙන්නේ 285 වගන්තියේ සදහන් අසභ්‍ය පොතක් හෝ වෙනත් යම් දෙයක් සන්තකයේ තබාගැනීම වරදක් බවත් මාස තුන දක්වා සිරදඬුවම් ඒ සදහා ලබා දිය හැකි බවයි.ඒ අනූව නිරුවත් ඡායාරූපයක් බෙදාහැරීම පමණක් නොව අන්තර්ජාලය හරහා බාගත කොට හෝ වෙනයම් ක්‍රමයකින් ලබාගෙන සන්තකයේ තබාගැනීම ද වරදක් වේ.
යම් හෙයකින් නිරුවත් ඡායාරූපයේ සදහන් අය වයස 18 ට අඩු කෙනෙකු වුවහොත් එවන් ඡායාරූපයක් බෙදාහරින ,පෙන්වන ,බෙදාහැරීම හෝ පෙන්වීම සදහා සන්තකයේ තබාගැනීම හෝ යම් පුද්ගලයෙකු එවැනි ඡායාරූපයක් පළ කිරීමට අදහස් කරන තැනැත්තෙකු යැයි හැඟෙන ආකාරයේ දැන්වීම් පළ කිරීම වසර 02 සිට 10 දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදකි.එම නිසා වයස අවුරුදු 18 ට අඩු ළමුන්ගේ නිරුවත් ඡායාරූප සංසරණය වන වටස්ඇප් හෝ මැසෙන්ජර් වැනි සමූහවල සිටීම මගින් නීතිය අනූව වරදකාරයෙකු වීමට ඉඩ හසර සලසන බව පෙනේ.
අප මීළඟට 1983 අංක 22 දරණ සංශෝධන පනතින් සංශෝධනය වූ 1927 අංක 04 දරණ අසභ්‍ය ප්‍රකාශන ආඥා පනත කෙරෙහි අවධානය යොමු කරමු.පනතේ 02 (අ) වගන්තිය අනූව වෙළඳාම සදහා හෝ බෙදාහැරීම සදහා හෝ ප්‍රදර්ශනය සදහා හෝ වෙනත් කාර්යක් සදහා අසභ්‍ය ප්රකාශනයක් සෑදීම,නිෂ්පාදනය කිරීම හෝ සන්තකයේ තබාගැනීම වරදක් වේ.එසේම 2(ආ) අනූව අසභ්‍ය ප්රකාශනයක් කවර ලෙසකින් හෝ සංසරණයට පත් කිරීම වරදකි.මේ වගන්තිය යටතේ වන වරදකට පළමුවරට වරදකරුවෙකු වන අයෙකුට රුපියල් 2500 නොඉක්මවන්නා වූ දඩයක් හෝ මාස හයකට නොවැඩි සිරදඬුවම් ද පළමු වරදෙන් පසු තදනන්තර වරදක් සදහා රුපියල් 5000 නොඉක්මවන්නා වූ දඩයක් හෝ මාස හයකට නොවැඩි සිරදඬුවම් ලබා දිය හැකිවේ.මේ පනතේ ප්‍රතිපාදන ප්‍රකාරවද නිරුවත් ඡායාරූපයක් හෝ වීඩියෝවක් බෙදාහැරීම දඬුවම් ලැබිය හැකි වරදක් හෙයින් එවැනි ක්‍රියාවලට සම්බන්ධ නොවිය යුතුය.
අප මීළඟට නිරුවත් ඡායාරූප සහ වීඩියෝ මුදාහරින බව පවසා බියගන්වා කප්පම් හෝ මුදල් ලබාගැනීම සම්බන්ධ නීති තත්වය විමසා බලමු. යම් පුද්ගලයෙකු කිසියම් අයෙකුගේ නිරුවත් ඡායාරූපයක් හෝ වීඩියෝවක් සන්තකයේ තබා ගෙන මුදල හෝ වෙනත් යම් දේපලක් ලබා නොදුනහොත් ඒවා සමාජජාලාවලට හෝ අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කිරීම බලෙන් ලබා ගැනීමට තැත් කිරීමක් වන අතර අදාල මුදල් හෝ දේපල තර්ජනය කරනු ලබන පුද්ගලයා ලබා ගතහොත් බලෙන් ලබා ගැනීම නම් වරද සිදු කරයි.එම වරද සදහා වසර 03 දක්වා සිරදඬුවම් ලබා දීමට හැකියාව ඇත.
මෙහිදී සදහන් කළ යුතු සුවිශේෂීම කරුණක් වන්නේ යමෙකු කැමරාව ඉදිරියේ නිරුවත්ව හැසිරීම සිය කැමැත්ත මත කළ ද ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත නොමැතිව කිසි අයුරකින් එවැනි වීඩියෝවක් හෝ ඡායාරූපයක් බෙදාහැරීම කළ නොහැකි වීමයි.මෙවැනි ගණයේ අපරාධ දියුණු තාක්ෂණයක් යොදාගනිමින් විමර්ශනය කිරීම ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදු වේ.ශ්‍රී පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට,අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයට හෝ ළමා රක්ෂණ අධිකාරියට මෙවැනි වැරදි සම්බන්ධව පැමිණිලි ඉදිරිපත් කළ හැකි වේ.එවැනි පැමිණිලි අවසානයේ විත්තිකරුවන් නඩුවලට මුහුණ දී වැරදිකරුවන් වන අවස්ථාද වේ.එම නිසා මෙවනි වැරදි තවදුරටත් නොඉවසා අදාල ආයතනවලට පැමිණිලි කිරීම සාමාජීය අවශ්‍යතාවයකි.
නීතීඥ සාරංග වාදසිංහ