නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට

නිල්වලා සහ ගිං ගංඟා සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.
නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇත්තේ, අකුරැස්ස සහ පානඳුගම ප්‍රදේශවලින්.

ගිං ගඟ, බද්දේගම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එල් එස් සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ ය.

බදුල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට නිකුත් කළ නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මකයි.

මේ අතර, බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත් වලටත්, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලටත් අද පස්රුවේ මිලිමීටර 75 ක පමණ වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල රාත්‍රියේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

කාලීන පුවත්