නිවාඩු දින හතරේ විනෝද වන්දනා ගමන් වලින් නව කොවිඩ් රැල්ලක්!

විනෝද  හා වන්දනාතෛපොංගල් උත්සව දිනය හා දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය තෙක් ලැබුණු ජනවාරි 14-17 දක්වා වන නිවාඩු දින හතරේ දී ජනතාව සෞඛ්‍ය උල්ලංඝනය වන පරිදි අනාරක්‍ෂිත අයුරින් විනෝද  හා වන්දනා ගමන්වල යෙදීම හේතුවෙන් ඉදිරි සති දෙක තුළ කොවිඩ් වයිරසය දැඩි ලෙස පැතිරයාමේ අවදානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.මෙම නිවාඩු දින කිහිපය තුළ අනුරාධපුරය, ශ්‍රී පාදස්ථානය,අනුරාධපුරය මහනුවර,ඇතුළු  සංචාරක ආකර්ෂණය වැඩි ස්ථාන ජනයාගෙන් පිරීපැවතුණි.මේ වන විට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාවේ ද වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.ඉකුත් දින තුනක කාලයේදී පිළිවෙලින් මෙරටින් කොවිඩ් ආසාදිතයන් 677ක්, 661ක් සහ 690ක් වාර්තා විය.මේ තත්වය යටතේ කොවිඩ් රට පුරා ව්‍යාප්ත වීමත් සමඟ එහි නව ප්‍රභේද පවා ඉස්මතු විය හැකි අතර ඒවායේ දරුණු බව දැන්ම තීරණය කළ නොහැකි බව ද සෞඛ්‍ය බලධාරීහු කියති.

කාලීන පුවත්