ජන හා නිවාස සංගණනයට අදාළව ‘හිසට වහළක් නොමැති ජනතාවගේ’ තොරතුරු සංගණනය අද (18) රාත්‍රි සිදු කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනූජා සෙනෙවිරත්න පැවැසුවාය.
පදිංචියට නිවසක් නොමැති අයවලුන් සිටින ස්ථාන ග්‍රාම නිලධාරීන් මාර්ගයෙන් මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත්, ඒ අනුව දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්ය මණ්ඩල නිලධාරීන් එම ජනතාව සමීක්ෂණය කිරීමේ කටයුතු අද රාත්‍රි 8 සිට මධ්‍යම රාත්‍රි 12 දක්වා සිදු කිරීමට නියමිත බවත් ඇය කියා සිටියාය.
ජන සංගණනයේදී කිසිදු පුද්ගලයකු මග නොහැරෙන ලෙස කටයුතු කරන බවත්, එහිදී හිසට වහලක් නොමැති අයද සංගණනයට එකතු කරගන්නා බවත් ඇය කීවාය.
මෙවර සංගණනයේ තොරතුරු රැස් කිරීම සඳහා නිලධාරීන් 35,000 ක් පමණ යොදවා සිටින බවද ඇය කීවාය.
නිවාසවලින් පසුගිය දිනවල ලබාගත් තොරතුරුවලට අදාළව උපත්, මරණ, සංක්‍රමණ (විදෙස්ගත වීම්, රටේ වෙනත් ප්‍රදේශයක පදිංචියට යාම) ආදී තොරතුරු යළි පරීක්ෂා කිරීමේ කටයුතු හෙට (19 වැනිදා) සිට මේ මස 23 වැනිදා තෙක් කාලය තුළදී සිදුකරන බවද අධ්යක්ෂ ජනරාල්වරිය කියා සිටියාය.