නිවෙස් වල ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් ලියාපදිංචියකට

කොවිඩ් ආසාදිතව නිවෙස්වල ප්‍රතිකාර ලබන රෝගීන් ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ(MOH) ලියාපදිංචි විය යුතු බවත් දැනට රෝගීන් 14200 පමණ එසේ නිවෙස් වල ප්‍රතිකාර ලබන බවත් නිවෙස්ගත කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ වෛද්‍ය කණ්ඩායම් ප්‍රධානී පවුල් විශේෂඥ මල්කාන්ති ගල්හේන මහත්මිය කියයි.

පසුගිය ජූනි 06 වනදා ආරම්භ කළ මෙම වැඩ සටහන යටතේ මේ වන විට රෝගීන් 52368 ක් ප්‍රතිකාර ලබා ඇති අතර ඉන් රෝහල් ගත කිරීමට සිදුව ඇත්තේ රෝගීන් 607ක් පමණකැයි ද ඇය කියයි.

කෑගල්ල,පොලොන්නරුව,මන්නාරම යන දිස්ත්‍රික්ක හැරුණු කොට දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වල මෙම පද්ධතිය ක්‍රියාත්මක වන බව ද වෛද්‍ය විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කරයි.

කාලීන පුවත්