ඉදිරි සතියේ පුරප්පාඩු වන නීතිපති ධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලැබී තිබෙන බලතල ප්‍රකාරව නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6 ක සේවා දිගුවක් ලබාදීමේ නිර්දේශය යළිත් වරක් ව්‍යවස්ථාදායක සභාව වෙත යැවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන අතර. නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසෙටර් ජනරාල් ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා නව නීතිපති ලෙස පත්වීමට නියමිතව ඇතැයි ද තවත් ආරංචි මාත්‍රයකින් ප්‍රකාශ වේ.ඔහු ද නීතිපති දෙපාර්තමේන්තුවේ 31 වසරක් සේවය කළ ප්‍රවීණ නීති විශාරදයෙකි.