නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 62 දෙනෙකු යළි මෙරටට පිටුවහල් කරනු ලදුව අද (28) අලුයම කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් තිබේ. එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ පිටුවහල් කරන ලද මෙම පිරිසෙන් 59 දෙනෙකු ගෘහ සේවිකාවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමි ගෘහ සේවකයෝ වෙති.මේ අතර මෙලෙස නීති විරෝධී අයුරින් තවත් ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු පිරිසක් කුවේට් රාජ්‍යයේ රැඳී සිටින බව එහි සිටින ශ්‍රී ලාංකේය සේවා නියුක්තිකයෝ පවසති.