නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් සතුන් ප්‍රවාහනය කළ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

පක්ෂීන් සහ උරග විශේෂ කිහිපයකට අයත් සතුන් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කරමින් තිබූ යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

දකුණු මුහුදු තීරයේදීයි මෙම වැටලීම සිදුකර ඇත්තේ. ඒ නාවික හමුදාව දිගු කළක් තිස්සේ සිදුකළ විශ්ලේෂණයකට අනුවයි.

සැකකටයුතු බහුදින යාත්‍රාවක් පරික්ෂා කිරීමේ දී ඒ තුළ පිඹුරන් 13ක්, තලගොයෙක්, විශාල ඉබ්බෙක් සහ ගිරවුන් තුන් දෙනෙකු සිටි බවයි නාවික හමුදාව පවසයි.

සතුන් සමග සැකකරුවන් ගාල්ල වරායට රැගෙන විත් තිබේ. එහිදී වනජීවී නිලධාරීන් පවසා ඇත්තේ අදාළ සත්වයන් ශ්‍රී ලංකාවට ආවේණික සතුන් නොවන බවයි.

හික්කඩුව වනජීවි කාර්යාලය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරයි.

කාලීන පුවත්