නීල් බණ්ඩාර හපුහින්න තනතුරින් ඉවතට

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර නොගන්නා ලෙස සියළුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් වෙත ලිපියක් මඟින් දන්වා ඒ ලිපිය එසැනින් යළි කැඳවා ගැනීම නිසා පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක් වූ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් අමාත්‍යාංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කර ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අනුයුක්ත කොට තිබේ.කැබිනට් මණ්ඩලය ගත් තීරණයක් අනුව තමන් ඒ ලිපිය නිකුත් කළ බව පසුව මැතිවරණ කොමිසම හමුවේ කියා සිටි ඒ මහතා එය නීත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් නොවන බැවින් ඒ පිළිබඳව සිය කණගාටුව ද ප්‍රකාශ කොට සිටියේය.එහෙත් කැබිනට් මණ්ඩලය විසින් එවැනි තීන්දුවක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටි අතර තොරතුරු දැන ගැනීමේ පනත ඔස්සේ කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ අගමැති වරයාගේ ප්‍රකාශය සත්‍ය නොවන බව ය.නමුදු නීල් බණ්ඩාර හපුහින්න මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේ කවර තනතුරකට පත් කෙරෙනු ඇද්ද?යන්න පිළිබඳව මේ තාක් අනාවරණය වී නැත.

කාලීන පුවත්