නුවර එළියේ තට්ටු හතරකට වඩා “උඩ යාම” තහනම්

නාගරික සංවර්ධන පනතේ විධිවිධාන යටතේ ලබන මැයි මස 01 දින සිට නුවර එළිය නගරයේ මහල් හතරකට වඩා වන ඉදිකිරීම් තහනම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට කළ යෝජනාවකට අනුව ය.එමෙන්ම ජනාධිපති කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක ප්‍රවර්ධන සැලැස්මක් සකස්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.අද (25) පැවැත්වුණු කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳව කරුණු අනාවරණය කෙරිණ.

කාලීන පුවත්