වර්තමාන අප සමාජයේ අංගම් පොර නම් පැරණි සටන් ක්‍රමය විශේෂ කතා බහට ලක්ව තිබේ.මේ අතර අප සමාජයේ තවත් බොහෝ දෙනකු පවසනුයේ මේ වන විට නාමික වශයෙන් වත් අසන්නට නොලැබෙන චීන අඩි හෙවත් චීනාඩි යනු චීනයට කිසිදු සබැඳියාවක් නොමැති දකුණු ඉන්දියාවෙන් පැමිණි මලයාලි සටන් ක්‍රමයක් බව ය. එමෙන්ම රාවණා රජුටත් පෙර සිට අප රටේ පැවත එන බව ඇතමුන් පවසන අංගම්පොර නම් සටන් ශිල්පය ද හුදෙක් දකුණු ඉන්දියාවේ කේරළයෙන් පැමිණි සටන් ක්‍රමයක් බව පෙන්වා දෙන ඔවුන් වැඩිදුරටත් පවසනුයේ මලයාලම් බසෙන් යුද්ධය, සටන හැඳින්වීම පිණිස යෙදෙන ‘අංකම්’යන්න සිංහලයේ දී අංගම් ලෙස ව්‍යවහාර වීමෙන් මෙම අංගම්පොර යන නම පවා සැකසී ඇති බව ය. මෙය මේ දක්වා බොහෝ දෙනකුගේ කතා බහට ලක් වී නොමැති මාතෘකාවකි. අංගම්පොරවල එන සුදලිය සහ මරුවල්ලිය වැනිම කණ්ඩායම් දෙකක් ඩෙකාවර් සහ අන්කඩේකවර් යනුවෙන් මලයාලම් ‘අංකම්‘ සටන් සම්ප්‍රදායන් පවතින නිරීක්ෂණය වීම සඳහා ප්‍රබල සාක්ෂියක් සේ ඔව්හු දක්වති. එම පූර්වාපර සන්ධි ගැළපීම කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ අංගම්පොර ඉතිහාසය මීට වසර තිස් දහසක් දක්වා අතීතයට යන බවක් පැවසීම පුරාවිද්‍යාත්මක සහ මානව විද්‍යාත්මක කෝණයෙන් බලන විට ‘කොණ්ඩේ බැඳපු චීන්නුන්ටම කිව යුතු ප්‍රවාදයකි. ඊට හේතුව බලංගොඩ මානවයා වශයෙන් හැඳින්වෙන එවක ආදි මානවයා ගල්ලෙන්වල වෙසෙමින් දඩයමෙන් ජීවත් වූ ශිෂ්ටාචාරය ගැන නූතන මානවයාගේ සමාරම්භක අවදිය නියෝජනය කරන්නවුන් වීම ය. හුදෙක් කුමකින් හෝ කුස පුරවා ගැනීම හැරුණු කොට විළිවසා ගැනීමට බට කොළ මිස නූල් කැබැල්ලක්වත් නොතිබූ ඔවුන්ට කුමන සටන් තාක්ෂණයක්ද?
අපට පෙනී යන්නේ මෙම චීනාඩි සටන් ශාස්ත්‍රය සම්බන්ධ පීතෘත්වය ප්‍රදානය කිරීමට චීනයට වඩා අපට ආසන්නම දකුණු ඉන්දියාවේ කේරළය සුදුසු බව ය.තත්වය මෙසේ තිබියදී පසුගිය කාලයේ චීනාඩි ශිල්පීන් ලෙස සමාජයේ නමක් දිනා සිටි ප්‍රමුඛතමයන් කිහිප දෙනකු අනුව දශකයේ ප්‍රචාරය වූ ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානය ටෙලි නාට්‍යයෙන් සමාජ කරළියට පැමිණි‘අංගම්පොර’ ශිල්පය අනුව හටගත් සමාජ උද්යෝගය මත හීන් සීරුවේම චීනාඩි වලින් අංගම්පොරවලට සේන්දු වී ඇති බවට තවත් පාර්ශ්වයක් චෝදනා කරති.
ඔවුන් පවසනුයේ අප රටේ පවතින අංගම්පොර වල සැබෑ හිමිකරුවන් තමන් බව ය. එලෙස අංගම්පොර කලාවට සේන්දු වූ චීනාඩි ප්‍රවීණයන් අතරේ ජී. කරුණාපාල, ග්‍රේෂන් ප්‍රනාන්දු. රාජා වික්‍රමආරච්චි, දයා සමරසේකර ආදින් කිහිප දෙනකුගේ නම් ප්‍රකාශ වි තිබේ. සැබැවින්ම ඔවුන් මෑත යුගයේ චීනාඩි සටන් ශාස්ත්‍රයේ ප්‍රවර්ධනයට සෘජුව දායක වූවෝ වෙති.
1937 ඇරඹුණු දෙවන ජපන් චීන යුද්ධයට බියෙන් පලා ආ චීන ජාතිකයන්ගෙන් යුතු ජනාවාස කිහිපයක්ම අදටත් දැකිය හැකිය. ගාල්ල නගර මධ්‍යයේ ඇති චීන කොරටුව සහ කොළඹ කොම්පඤ්ඤවීදියේ යුනියන් පටුමග ආශ්‍රිත ‘චීන මුඩුක්කුව’ ඉන් ස්ථාන දෙකකි. මේවායේ මෑතක් වන තුරුම චීන පවුලක් දෙකක් දැකිය හැකි මුත් ඔවුන් අතර චීනාඩි සටන්කරුවන් සිටි බවට කිසිදු තොරතුරක් නැත. ඒ අනුව අපට පෙනී යන්නේ මෙම චීනාඩි සටන් ශාස්ත්‍රය සම්බන්ධ පීතෘත්වය ප්‍රදානය කිරීමට චීනයට වඩා අපට ආසන්නම දකුණු ඉන්දියාවේ කේරළය සුදුසු බව ය.තත්වය මෙසේ තිබියදී පසුගිය කාලයේ චීනාඩි ශිල්පීන් ලෙස සමාජයේ නමක් දිනා සිටි ප්‍රමුඛතමයන් කිහිප දෙනකු අනුව දශකයේ ප්‍රචාරය වූ ජයන්ත චන්ද්‍රසිරිගේ දඬුබස්නාමානය ටෙලි නාට්‍යයෙන් සමාජ කරළියට පැමිණි‘අංගම්පොර’ ශිල්පය අනුව හටගත් සමාජ උද්යෝගය මත හීන් සීරුවේම චීනාඩි වලින් අංගම්පොරවලට සේන්දු වී ඇති බවට තවත් පාර්ශ්වයක් චෝදනා කරති.
ඔවුන් පවසනුයේ අප රටේ පවතින අංගම්පොර වල සැබෑ හිමිකරුවන් තමන් බව ය. එලෙස අංගම්පොර කලාවට සේන්දු වූ චීනාඩි ප්‍රවීණයන් අතරේ ජී. කරුණාපාල, ග්‍රේෂන් ප්‍රනාන්දු. රාජා වික්‍රමආරච්චි, දයා සමරසේකර ආදින් කිහිප දෙනකුගේ නම් ප්‍රකාශ වි තිබේ. සැබැවින්ම ඔවුන් මෑත යුගයේ චීනාඩි සටන් ශාස්ත්‍රයේ ප්‍රවර්ධනයට සෘජුව දායක වූවෝ වෙති.
මීට සියවස් කිහිපයකට පෙර සිට මෙරට පැවැති දහ නව වන සියවසේ අග භාගයේ සිට මෑතක් වන තුරු අතිශය ජනප්‍රියව පැවැති තවත් සටන් ක්‍රමයක් වනුයේ චීන අඩි හෙවත් චීනාඩි ය. චීනයේ වැඩ විසූ වනවාසී භික්ෂූන් තම ආත්මාරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස යොදා ගත් බවට ඇතැමුන් පවසන මෙම සටන් ක්‍රමය පසුව සේද මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ චීන වෙළෙඳුන් ඇතුළු චීන සංචාරකයන්ගෙන් මෙරටට දායාද වූ බව ඒ සම්බන්ධ ජනප්‍රිය මතයයි.
වර්තමානයේ අප රටේ ජනප්‍රියම ආත්මාරක්ෂක සටන් ක්‍රම දෙකක් තිබේ. ඉන් එකක් වර්ෂ 1733 ජපානයේ උපත ලබා 1960 දශකයේ මැද භාගයේ සිට ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ කරාතේය. අනෙක් සටන් ක්‍රමය නම් වසර දහස් ගණනක් ඉපැරණි ශ්‍රී ලාංකීය සටන් ක්‍රමයක් බව පැවසෙන අංගම්පොර වන අතර දිගු කලක් කිසිදු හා හෝවක් නොමැතිව තිබු එය මළවුන්ගෙන් පිබිදීමක් මෙන් 1990 දශකයේ මැද භාගයේ සිට එක්වරම ශීඝ්‍රයෙන් රට පුරා ව්‍යාප්ත වී තිබේ. මෙම සටන් ක්‍රම දෙකට අමතරව කුන්ග්ෆු, වූෂු වැනි චීන සටන් ක්‍රම වලටත් ටයිකොන්ඩෝ නම් කොරියානු සටන් ක්‍රමයටත් මේ වන විට අප රට තුළ සැලකිය යුතු ප්‍රසිද්ධියක් ලැබී තිබේ.
එහෙත්, මීට සියවස් කිහිපයකට පෙර සිට මෙරට පැවැති දහ නව වන සියවසේ අග භාගයේ සිට මෑතක් වන තුරු අතිශය ජනප්‍රියව පැවැති තවත් සටන් ක්‍රමයක් වනුයේ චීන අඩි හෙවත් චීනාඩි ය. චීනයේ වැඩ විසූ වනවාසී භික්ෂූන් තම ආත්මාරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස යොදා ගත් බවට ඇතැමුන් පවසන මෙම සටන් ක්‍රමය පසුව
සේද මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ චීන වෙළෙඳුන් ඇතුළු චීන සංචාරකයන්ගෙන් මෙරටට දායාද වූ බව ඒ සම්බන්ධ ජනප්‍රිය මතයයි.
චීන අඩි නම් සටන් ශිල්පය අප රට පුරා පැතිරෙන්නට ඇත්තේ 1937 දෙසැම්බර් 13දා චීනයේ නැන්කින් (වත්මන් නැන්පින්) ප්‍රදේශයට ජපන් ආක්‍රමණික හමුදා එල්ල කළ යුදමය ප්‍රහාරය මුල් කොට ගත් දෙවන ජපන් චීන යුද්ධය නිසා චීනයෙන් පලාවිත් අප රටේ පදිංචි වූ චීන ජාතිකයන් ගෙන් බව ඒ පිළිබඳව බොහෝ දෙනකුගේ මතයයි. ජපනුන් විසින් චීනුන් වෙත එල්ල කළ මෙම යුදමය ප්‍රහාරය හුදක් කුරිරු ත්‍රස්තවාදයක මුහුණුවර ගෙන තිබුණේ ජපන් සොල්දාදුවන් චීන සිවිල් වැසියන්ට විශේෂයෙන් කාන්තාවන්ට එල්ල කළ අතිශය කෲර වධ හිංසා හේතුවෙනි. එමෙන්ම චීන තරුණයන් හට නොයෙක් වධ හිංසා කරමින් තම හමුදා කදවුරුවල වහල් සේවයට යොදා ගත් බවටත් වර්තා වී තිබේ.
1945 සැප්තැම්බර් 02දා ජපානයෙ දෙවන ලෝක යුද්ධයේ මිත්‍රශීලී හමුදාවන්ට කොන්දේසි විරහිතව යටත් වීම තෙක් අඛණ්ඩව පැවැති මෙම බිහිසුණු ශෝචනීය තත්ත්වය යටතේ එම අට වසරක කාලය තුළ ලක්ෂ සංඛ්‍යාත චීන ජාතිකයෝ සිය මව් බිම හැරදමා පලා ගියහ. ඉන් යම් කොටසක් සිය පෞරාණික මුහුදු ප්‍රවාහන මාර්ගය වන සේද
මාර්ගය ඔස්සේ ඇඳිවත පමණක් සහිතව ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන්ගෙන් යම් පිරිසක් පසුව ජීවත් වීම පිණිස දත් බැඳීම, රෙදි වෙළෙදාම වැනි සිය හුරුපුරුදු වෘත්තීන්හි යෙදුණු බව පෙනේ.
රෙදි පොට්ටනිය හිස මත තබා ගෙන ‘රිදී යප්’ කියමින් අප රටේ ගම් නියම් ගම් ඔස්සේ සැරිසැරූ චීන වෙළෙන්දාගේ භූමිකාව අපේ ජන සමාජයට පිවිසෙන ලද්දේ මේ අයුරිනි. සාමාන්‍යයෙන් එවක ශ්‍රී ලාංකිකයන් කොණ්ඩය බැඳීමට සහ කෙස් වැවීමට පුරුදු වී සිටි අතර මෙම චීන ජාතිකයන් නාවික සහ හමුදා කණ්ඩායම් සාමාජිකයන් මෙන් කොණ්ඩය ඉතා කොටට කැපීමට (Crew cut) පුරුදුව සිටියහ. ඒ අනුව කොණ්ඩය බඳින චීනකු පිළිබඳ ඇසීම පවා විශ්වාස කිරීමට අපහසු දෙයක් වූ බැවින් කිසිවකු විශ්වාස කිරීමට අපහසු යමක් කී විට ‘ඕවා කියපන් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට’ යැයි පවසමින් සරදමට ලක් කිරීමට අප සමාජයේ සෙස්සන් පෙළඹී සිටි බව පෙනේ.නමුදු අප රටට චීන අඩි නම් වන මෙම සටන් ක්‍රමය හඳුන්වා දීම පිළිබඳ ගෞරවය එම යුගයේ මෙහි පැමිණි චීන සරණාගතයන්ට දීමට නොහැක්කේ ඒ වන විට ද මෙහි චීන අඩි නම් වන ආත්මාරක්ෂක සටන් ක්‍රමය අතිශයින් ජනප්‍රියව පැවැති බවට සාක්ෂි හමුවන නිසා ය.
රෙදි පොට්ටනිය හිස මත තබා ගෙන ‘රිදී යප්’ කියමින් අප රටේ ගම් නියම් ගම් ඔස්සේ සැරිසැරූ චීන වෙළෙන්දාගේ භූමිකාව අපේ ජන සමාජයට පිවිසෙන ලද්දේ මේ අයුරිනි. සාමාන්‍යයෙන් එවක ශ්‍රී ලාංකිකයන් කොණ්ඩය බැඳීමට සහ කෙස් වැවීමට පුරුදු වී සිටි අතර මෙම චීන ජාතිකයන් නාවික සහ හමුදා කණ්ඩායම් සාමාජිකයන් මෙන් කොණ්ඩය ඉතා කොටට කැපීමට (Crew cut) පුරුදුව සිටියහ. ඒ අනුව කොණ්ඩය බඳින චීනකු පිළිබඳ ඇසීම පවා විශ්වාස කිරීමට අපහසු දෙයක් වූ බැවින් කිසිවකු විශ්වාස කිරීමට අපහසු යමක් කී විට ‘ඕවා කියපන් කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට’ යැයි පවසමින් සරදමට ලක් කිරීමට අප සමාජයේ සෙස්සන් පෙළඹී සිටි බව පෙනේ.
නමුදු අප රටට චීන අඩි නම් වන මෙම සටන් ක්‍රමය හඳුන්වා දීම පිළිබඳ ගෞරවය එම යුගයේ මෙහි පැමිණි චීන සරණාගතයන්ට දීමට නොහැක්කේ ඒ වන විට ද මෙහි චීන අඩි නම් වන ආත්මාරක්ෂක සටන් ක්‍රමය අතිශයින් ජනප්‍රියව පැවැති බවට සාක්ෂි හමුවන නිසා ය. ඒ කෙසේ හෝ ශ්‍රී ලංකාවට විදේශයකින් පැමිණි මෙම සටන් ක්‍රමයට තාක්ෂණික පදනමක් තිබූ අතර එසේ තාක්ෂණික ක්‍රමයට සටන් වදිනා චීනාඩිකාරයකු ලෙස ගෞරවයට ලක් කළ මේ රට වැසියන් එලෙස තාක්ෂණයකින් තොරව හැරුණු හැරුණු ක්‍රමයට සටන් වදිනවුන් හඳුන්වන ලද්දේ ‘පොල් අඩි කාරයන්‘ ලෙසිනි. එමෙන්ම මෙම චීන අඩිකාරයන්ට තමන් උගත් එම ශාස්ත්‍රය ඔස්සේ රැකියා අවස්ථා සම්පාදනය වී තිබු බවද පෙනේ.
දහනව වන සියවසේ අග භාගයේ බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ ධනවත් ඉඩම් හිමි වැවිලිකරුවකු තම ආරක්ෂාව පිණිස චීනාඩි ශාස්ත්‍රය උගත් අයකු තමන් සමීපයේ රඳවාගෙන සිටි අතර එම ආරක්ෂකයාගේ පදිංචිය සඳහා තමන් සතු ඉඩමක නිවසක් ද තනා දී තිබිණි. එම ධනවතාගේ මරණයෙන් පසුව වියපත්ව සිටි එම චීනාඩි සටන්කරු දිගටම එම නිවසේ රැඳී තම ජීවනෝපාය පිණිස ප්‍රදේශයේ තරුණයන්ට චීනාඩි සටන් ශාස්ත්‍රය උගන්වා තිබේ. එබැවින් එවක ඔහු ප්‍රසිද්ධව ඇත්තේ ‘චීනාඩි මුත්තා’ යනුවෙනි. ඔහුගේ මරණයෙන් පසු එම ප්‍රභූවරයා සතු නිවස ඇතුළු දේපොළ ඔහුගේ ඊළඟ පරම්පරාව සතු වූ අතර අද ද එම චීනාඩි සටන්කරු විසූ නිවස චීනාඩි ගෙදර සහ එම ප්‍රදේශය චීන අඩිය යනුවෙන් හැඳින්වෙයි.මෙය බෙලි අත්ත,කුඩාහීල්ලෙන් හැරී යන මීගහවෙල පාරට නොදුරින් අද ද දැකිය හැක. මෙම සටන් ක්‍රමය සම්බන්ධ වෙනත් ග්‍රාම නාම දුලබ වුවද එම ප්‍රදේශ නාමය ද එම සටන් ක්‍රමයේ ව්‍යාප්තිය සනිටුහන් කළ හැකි වැදගත් සාක්ෂියකි.
මෙම සටන් කලාව සම්බන්ධයෙන් අප විසින් කරන ලද විමසුමකට අනුව විසි වන සියවසේ මුල් භාගයේදී මෙය අප රටේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ බවත් එම සටන් ක්‍රමය පුහුණු කරවන උපදේශකවරුන් හෙවත් ‘ගුරුන්’ බිහි වූ බවත් මනාව තහවුරු කර ගත හැකි විය. මෙම ගුරු නාමය වෙනුවට ආත්මාරක්ෂක සටන් උපදේශකවරුන් ‘මාස්ටර්ලා’ නමින් හැදින්වෙන්නට වූයේ කරාතේ ශිල්පයත් සමඟිනි. මීට දශක කිහිපයකට පෙර සිටි විශාරදයන් අතර තෙල් ඇඩ්වින්, ඔලී බාස් උන්නැහේ, කළුඅග්ගල මාටින් බාස්, තොටළඟ හෙන්දිරික් බාස්, ආමර් වීදියේ නාටාමි සෝමේ, බත්තරමුල්ලේ ඒ ගුණදාස සහ අඩි පුඩි ජෝෂප් ආදී වශයෙන් හැඳින්වුණු කිහිප දෙනෙක් වෙති.
මත්පැන් පානය සම්බන්ධයෙන් වර්තමානයේ බොහෝ විට යෙදෙන මෙම අඩි පුඩි ව්‍යවහාරය මෙම චිනාඩි සටන් කලාවත් සමඟ ජන ව්‍යවහාරයට පැමිණෙන ලද්දකි. මේ ‘අඩි’ යනුවෙන් ප්‍රහාරයද ‘පුඩි’ යනුවෙන් වැළැක්වීම ද හැඳින්වෙන අතර ඒ සම්බන්ධ සටන් සහ තාක්ෂණික ක්‍රම රැසක්ම මෙම ශාස්ත්‍රය තුළ ඇති බව කියනු ලැබේ. 1950 දශකයේ අගභාගයේ සහ 1960 මුල් භාගයේ ‘කොළඹ චණ්ඩියා’ ලෙසින් නම් දරා සිටි එම්. ඩී. ධර්මදාස රාජපක්ෂ හෙවත් ‘චොප්පෙ අයියා’ සහ ඔහුගේ සහායකයකු වූ මදාවි සෝමේ යන්න වුන්ද මෙම චීනාඩි සටන් ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ බව පැවසෙන අතර එවක අද මෙන් ගිනිඅවි භාවිත නොකළ චොප්පෙ අයියාට මෙම චීන අඩි ශාස්ත්‍රය මුල් කොට හත් අට දෙනකු සමඟ වුව එක්වර සටන් කිරීමේ හැකියාවක් තිබූ බව පැවසෙයි. එමෙන්ම ඔහු කානිවල් සංදර්ශනවලදී ප්‍රදර්ශනාත්මක චීනාඩි සටන් හෙවත් චැලේන්ජ් ෆයිට්වල යෙදී තිබේ.
මත්පැන් පානය සම්බන්ධයෙන් වර්තමානයේ බොහෝ විට යෙදෙන මෙම අඩි පුඩි ව්‍යවහාරය මෙම චිනාඩි සටන් කලාවත් සමඟ ජන ව්‍යවහාරයට පැමිණෙන ලද්දකි. මේ ‘අඩි’ යනුවෙන් ප්‍රහාරයද ‘පුඩි’ යනුවෙන් වැළැක්වීම ද හැඳින්වෙන අතර ඒ සම්බන්ධ සටන් සහ තාක්ෂණික ක්‍රම රැසක්ම මෙම ශාස්ත්‍රය තුළ ඇති බව කියනු ලැබේ. 1950 දශකයේ අගභාගයේ සහ 1960 මුල් භාගයේ ‘කොළඹ චණ්ඩියා’ ලෙසින් නම් දරා සිටි එම්. ඩී. ධර්මදාස රාජපක්ෂ හෙවත් ‘චොප්පෙ අයියා’ සහ ඔහුගේ සහායකයකු වූ මදාවි සෝමේ යන්න වුන්ද මෙම චීනාඩි සටන් ශාස්ත්‍රය මැනවින් ප්‍රගුණ කළ බව පැවසෙන අතර එවක අද මෙන් ගිනිඅවි භාවිත නොකළ චොප්පෙ අයියාට මෙම චීන අඩි ශාස්ත්‍රය මුල් කොට හත් අට දෙනකු සමඟ වුව එක්වර සටන් කිරීමේ හැකියාවක් තිබූ බව පැවසෙයි. එමෙන්ම ඔහු කානිවල් සංදර්ශනවලදී ප්‍රදර්ශනාත්මක චීනාඩි සටන් හෙවත් චැලේන්ජ් ෆයිට්වල යෙදී තිබේ. 1950 වසරේ කොළඹ නගර සභාවේ ශාන්ත බස්තියම් කොට්ඨාසය නියෝජනය කරමින් නාගරික මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වන විසි හය හැවිරිදි ක්‍රියාශීලී තරුණයකු ද මෙම චීනාඩි සටන් ශිල්පය මනාව ප්‍රගුණ කොට සිටි බව පැවසෙයි. කොළඹ 12 කෙසෙල්වත්තේ සාමාන්‍ය පවුලක ඉපදී හැදී වැඩුණු ඔහු චණ්ඩියකු නොවුවද චණ්ඩින්ට බය නැති තරුණයකු ලෙස එකල ද ප්‍රසිද්ධ වී තිබේ. ඔහු අන් කිසිවකු නොව ශ්‍රි ලංකාවේ දෙවන විධායක ජනාධිපති ධූරයට පත් ආර්. ප්‍රේමදාස හෙවත් රණසිංහ ප්‍රේමදාසය.
කෙසෙල් වත්තේ සයිමන් සහ කාසිම් මොහොමඩ් ඔහුගේ චීනාඩි ගුරුවරුන් බව මතකයෙන් කිව හැකි අතළොස්සක් අද ද කොළඹ 12 සාන්චි ආරච්චිගේ වත්ත ආදී ප්‍රදේශවලදී සොයා ගැනීම අසීරු නැත.
ශ්‍රී ලංකාවේ එවක ජනප්‍රියව පැවැති මෙම චීනාඩි සටන් ශිල්පය ජාත්‍යන්තර තලයට රැගෙන යාමට ප්‍රමුඛව ක්‍රියා කරන ලද්දේ චීනාඩි සහ ජූ ජුට්සු නම් ජපන් සටන් ශාස්ත්‍රය පිළිබඳ විශාරදයකු සහ උපදේශකවරයකු වන ආර්. ඒ. වයිරමුත්තුය. ඔහු විසින් ලියන ලද ‘විද්‍යාත්මක නිරායුධ සටන්’ ගණිත ස්වයං ආරක්ෂක කලාව පැරණි ආසියාතික මනෝ භෞතික අධ්‍යයනයක් (Scientific Unarmed combat the art of dynamic self defence the ancient asian physical study) නම් කෘතිය ඒ සඳහා මුල් වූ ග්‍රන්ථයයි.
1954 ප්‍රකාශයට පත් වූ මෙම කෘතිය සඳහා පෙරවදන එවක අගවිනිසුරු පදවිය හෙබවූ ශ්‍රීමත් ඇලන් එඩ්වර්ඩ් පර්සිටල් රෝස් විසින් සපයා තිබූ අතර ඔහු සේම හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා ද වෛරමුත්තු ගුරුතුමන් ගෙන් මෙම සටන් ශිල්පය හදාරා ඇති බව කියනු ලැබේ.
නමුදු මෙම කෘතියේ දී වයිරමුත්තු චිනඅඩි යන්න (චීන අඩී) යනුවෙන්ම සඳහන් කොට ඇති අතර එය ඉංග්‍රීසියට නංවා ඇත්තේ Footing යන වදනිනි. සටන් ක්‍රමයක් හැඳින්විය නොහැකි වන ඔහුගේ එම යෙදුම ප්‍රශ්නකාරීය. ඒ එම අරුත පළ කෙරෙන Fist Punch වැනි සුලබ සරල ඉංග්‍රීසි වචන තිබෙන බැවිනි.
එහෙත් චීනය පසෙක තිබියදී දකුණු ඉන්දියාවේ කේරළය නිජ බිම කොට ගත් සාම්ප්‍රදායික සටන් ශිල්ප සම්බන්ධ පොදු ලක්ෂණ මෙම චිනාඩි සේම අංගම්පොර තුළින්ද පළවන්නේ නම් යමකු චීනාඩියෙන් එලෙස අංගම්පොර වෙත සංක්‍රමණය වීමේ යම් සාධාරණ පදනමක් ද ඇති බව පෙනේ. දැනට ශීඝ්‍රයෙන් අභාවයට යන චීනාඩි සටන් ශිල්පයට වඩා සජීවී බවක් පල කරන අංගම්පොර සටන් ශිල්පයට මනා වෙළෙඳපොළක් නිර්මාණය වී ඇති බැවිනි. අප රටේ චීනාඩි සටන් ප්‍රවීණයන්ගේ ඒ සංක්‍රමණය සරල උපමාවකින් දැක්වුවහොත් නුවරඑළි නගරයේ පවත්වාගෙන යන අයිස්ක්‍රීම් වෙළෙඳසලක් වසා ඒ වෙනුවට එහි උණුසුම් කෝපි හලක් විවෘත කිරීම දැක්විය හැක.
තිලක් සේනාසිංහ