දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වන කොළඹ නෙළුම් කුලුනේ මෙහෙයුම් කටයුතු අද(15) සිට ආරම්භ කිරීමට නියමිතය.මෙය 2019 වසරේ සැප්තැම්බර් 19 වන දා එවක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලද්දකි. අද ඇරඹෙන මෙහෙයුම් කටයුතු වල පළමු අදියර ලෙස දෙස් විදෙස් ජනතාවට කුලුනට පිවිස එය නැරඹීමේ අවස්ථාව උදාවනු ඇත.මීටර් 365 ක් හෙවත් අඩි 1197 ඛැ උසකින් යුත් කොළඹ නෙළුම් කුලුන නැරඹීම සඳහා දිනකට 1400ත් 2000 ත් අතර පිරිසකට ප්රවේශ පත්ර නිකුත් කරන බවත් පැවසෙයි.නෙළුම් කුලුන ජනතාව සඳහා විවෘත කිරීමත් සමග රුපියල් 500 ක් සහ රුපියල් 2,000 ක් ලෙස ප්රවේශ පත්ර මිලදී ගැනීමට හැකිවන අතර පාසල් දරුවන් සඳහා ප්රවේශ පත්ර රුපියල් 200 කි.එමෙන්ම විදේශිකයින් සඳහා ප්රවේශ පත්ර ගාස්තුව අමෙරිකානු ඩොලර් 20ක් වනු ඇත.සතියේ දිනවල පස්වරු 2. 00 සිට රාත්රි 10.00 දක්වාත් සෙනසුරාදා, ඉරිදා සහ නිවාඩු දිනවල දහවල් 12.00 සිට රාත්රී 10.00 දක්වාත් ජනතාවට නෙලුම් කුලුන නැරඹීමේ අවස්ථාව උදාකර තිබේ.මේ වන විට දේශීය ආයෝජකයින් සහ විදේශීය ආයෝජකයින් නෙළුම් කුලුන ආයෝජනයට එක්ව ඇති බවත් බැංකු සහ ව්යාපාරික ආයතන රැසක් ඒ අතර වන බවත් පැවසෙයි.මේ අතර නෙලුම් කුලුනේ පැවැත්වෙන සංගීත සංදර්ශන, සැණකෙලි සහ ආහාර ප්රදර්ශණ සඳහා ජනතාවට සහභාගී විය හැකි බව ද පැවසෙයි.