මුව තුළ හක්ක පටස් පිපිරීමකට ලක්ව මුඛය තුළ සහ වෙඩි පහර වල් නිසා සිරුරේ බහු විධ දැඩි ලෙස අසාධ්‍ය වු අලි පැටවකු ඊයේ(12) තබ්බෝව අභය භුමියට ආසන්න නවගත්තේගම මහමැද්දෑව ප්‍රදේශයේ නිවසක මිදුලකට පැමිණ විලාප නඟන්නට වීමේ සිද්ධියක් වාර්තා වෙයි.මෙම අලි පැටවා විදුලි අලි වැටෙන් ද පැන ගම්මානයේ නිවසක ගෙමිදුලකට පැමිණ තම අදෝනාත්මකව තම දුක කීම නිසා මහමැද්දෑව ගම්වාසීහු මහත් කම්පාවට පත් ව හිඳිති.ගම්වැසියන්ගේ දැනුම් දීම මත මේ වන විට වන ජීවී නිලධාරීන්ගේ භාරයට පත් මෙම මෙම අලි පැටවා අඩි පහක පමණ උසකින් සහ අවුරුදු පහක් පමණ වයසකින් යුත් යුක්ත බව වනජීවි නිළධාරීහු පවසති.වයඹ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය ඉසුරු කෝට්ටගොඩ මහතා පවසා සිටියේ මෙම අලි පැටවා වෙඩි වැදී මෙන් හට ගත් සිරුර පිටත හා අභ්‍යන්තරය තුළ තුවාල සිදු වීමෙන් අසාධ්‍යව මෙසේ ඇද වැටී සිටින බවයි.