නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කර තිබේ.
විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා සඳහන් කළේ, උත්සව සමයේ දෛනික විදුලිය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් එය අක්‍රිය කළ බවයි.විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා පවසන්නේ මේ වන විට ක්‍රමයෙන් විදුලි ඉල්ලුම ඉහළ යමින් ඇති බවයි.
ලබන 21 වැනිදා පමණ වන විට, නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය කළ ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට අපේක්ෂා කරන බව, විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.මේ අතර ඉන්ධන මගින් විදුලිය උත්පාදනය කරන බලාගාර ද මේ වන විට අක්‍රිය කර තිබේ.විදුලි බල මණ්ඩලය පවසන්නේ ජල විදුලි බලාගාර සහ පුනර්ජනනීය බලශක්තියට පමණක් ප්‍රමුඛත්වය ලබා දී විදුලිය උත්පාදන කරන බවයි.