නොරොච්චෝලේ විදුලි බලාගාරයේ 3 වැනි ගල්අඟුරු බලාගාරය දෝෂයක් හේතුවෙන් වසා දැමීම හේතුවෙන් දෛනික විදුලි කප්පාදුව තව දුරටත් දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (27) පෙරවරුවේ පැවසීය.එම විදුලි කප්පාදු කාලසටහන හැකි ඉක්මණින් නිකුත් කරන බව ද ජනක රත්නායක මහතා කීය.මේ අතර කාර්මික දෝෂයකට ලක් වූ නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ 3 වන ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දින 5 කට වැඩි කාලයක් ගතවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා තම ට්විටර් ගිනුමේ සටහනක් තබමින් ප්‍රකාශ කොට තිබේ.