බිඳ වැටිමකට ලක්වු නොරොච්චෝලේ ලක්විජය විදුලිබලාගාරයේ පලමු ජනන යන්ත්‍රය යථාතත්ත්වයට පත්කර ජාතික විදුලි පද්ධතියට එක්කර තිබේ. ඒ අනුව මෙගා වොට් 300 ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට යළි එක් කිරිමට හැකිවී ඇතැයි එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් සදහන් කරයි.නමුදු ඒ හේතුවෙන් විදුලි කප්පාදු කාල සීමාව අඩු කෙරෙන බවක් මෙතෙක් ප්‍රකාශ වී නැත.