දිවයිනේ බොහෝ පළාත්වල පවතින වැසි තත්ත්වය නොවැම්බර් මාසය අවසන් වනතුරු පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසීය.
මෙම වැසි තත්ත්වය දිවයින පුරා පස්වරු 1.00 න් පමණ පසු පවතින බවත්, මිලිමීටර් 75 ත් 100 ත් අතර අන්තර් මෝසම් කාලය තුළ සංවහන වැසි ඇදහැලෙමින් පවතින බව හෙතෙම කීය.
බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇදහැලිය හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.