පක්ෂ එකොලහ ආණ්ඩුවෙන් එළියට යනවා

ආණ්ඩුව තුළ සියලු තීරණ ගන්නේ ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා බවත් අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ සිටිය ද ඔහු දේශපාලනිකව අක්‍රීය වී ඇති බව ඉදිරියේ දී තමන් ප්‍රමුඛ ආණ්ඩුවේ සිටින සහෝදර පක්ෂ එකොළහට ආණ්ඩුවෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ආණ්ඩුව බලයට ගෙන ඒමේ දී ජනතාව බලාපොරොත්තු වූ අපේක්ෂාවන් ආණ්ඩුව විසින් අද වන විට විනාශ කරමින් සිටින බව නාලිකාවක වැඩසටහනකට එකතු වෙමින් වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය. මේ සටනේ දී ඇතැම් විට තමන්ට දේශපාලන වේදිකාවෙන්ම බැසයෑමට සිදු වනු ඇති බවත් ආණ්ඩුව එක් මාර්ගයක ගමන් කරන අතර තමන් ප්‍රමුඛ අපි සහෝදර පක්ෂ එකොළහක් ගමන් කරන්නේ තවත් මාර්ගයක වන හෙයින් එය ආණ්ඩුවේ වැඩපිළිවෙළට නොගැළපෙන බව ද ඇමැති නානායක්කාර අවධාරණය කරයි.

ආණ්ඩුව සමඟ සිටින සහෝදර පක්ෂ ගමන් කරන්නේ ජාතිකවාදී වාමාංශික මාර්ගයක බවත් ආණ්ඩුව එම මාවතෙන් පිට පැන වල්මත් ස්වරූපයක් පළ කරන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කියයි.

කාලීන පුවත්