පනත් දෙකක් අද සිට බලාත්මක වේ

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අද (08) සිය සහතිකය සටහන් කළේය.

මෙම පනත් කොටුම්පත් දෙක සම්බන්ධයෙන් විවාදය ඊයේ (07) සහ පෙරේදා පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමෙන් අනතුරුව සම්මත කිරීම සිදු විය.

ඒ අනුව 2023 අංක 14 දරන දේශීය ආදායම් සංශෝධන පනත සහ 2023 අංක 15 සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත වශයෙන් මෙම පනත් දෙක අද සිට බලාත්මක වේ.

කාලීන පුවත්