අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන තුරු, පරාටේ නීතිය අත්හිටුවීමේ කැබිනට් තීරණය වහාම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(07) පාර්ලිමේන්තුවේදී සහතික විය. බැංකු අංශයේ තිබෙන බේරුම්කරණ කමිටුව ක්‍රියාත්මක තත්වයට පත්කළ යුතු බවද ඔහු අවධාරණය කළේය.අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, පවතින පරාටේ නීතිය යටතේ ජනතාවගේ ඉඩම් ඇතුළු දේපළ වෙන්දේසි කිරීමට වාණිජ බැංකු කටයුතු කරමින් සිටින බවත්, එය වැළක්වීමට ආණ්ඩුව මැදිහත් විය යුතු බවත් සඳහන් කරමින්, විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.