පරිසර සංචාර ෆේස් බුක් කරුවෝත් ගෝටාගෝගම එති

පරිසර සංචාර සඳහා කැප වූ ෆේස් බුක් පරිශීලකයන්ගේ එකමුතුවක් ද අද(01)පස්වරුවේ කොළඹ හුනුපිටියේ ගංගාරාමය අද්දර සිට ගාලු මුවදොර ගෝටාගෝගම ජන උද්ඝෝෂණ භූමියට විරෝධතා පෙළපාලියකින් පැමිණ සිටිති.ඔවුන් පවසනුයේ මිනිසා සහ සොබා දහම අතර පැවතිය යුතු සනාතනික සබැඳියාව කුරිරු ලෙස වනසා දමන වත්මන් පාලකයන් අප රටේ ඇති සියළු පාරිසරික උරුමයන් තමන්ටත් තම ගජ මිතුරන්ටත් අයථා ආර්ථික වාසි සළසා ගැනීම උදෙසා බරපතල ලෙස අවභාවිතා කිරීම මත අප රට සතු බොහෝ පාරිසරික සම්පත් සදාකාලිකවම අහිමි වීමේ කුරුරු අවදානමක් පැන නැඟී ඇති බවකි.එම අවදානම පිටු දැකීමට බලධාරීන්ගෙන් කිසිදු සහයෝගයක් නොලැබෙන බව යළි යළිත් පසක් වීම මත තමන් වත්මන් පාලනය ප්‍රතික්ෂේප කිරීම පිණිස ගාලු මුවදොර උද්ඝෝෂකයන් හා අත්වැල් බැඳ ගැනීමට මෙහි පැමිණි බව ඔව්හු කියා සිටිති.

Uncategorized කාලීන පුවත්