පරීක්ෂාවකින් තොරව වරායේ බහලුම් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කම්කරු ඇමැති සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති මහාචාර්ය අනිල් ජයන්ත පාර්ලිමේන්තුවේ දී ඊයේ (22 ) පැවැසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රිවරු මතු කළ කරුණුවලට ප්‍රතිචාර දක්වමින් මේ බව කී ඇමැතිවරයා මෙසේද කීවේය.
‘‘බහාලුම් තුන්සිය විසි තුනක් නිදහස් කළා කියලා කිව්වා. මේ ගැන වැරදි මතයක් හදන්න උත්සාහ කළා. ඔව් නිදහස් කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති නිවේදන නිකුත් කළාට පසුව ක්ෂණිකවම කළේ වෘත්තීය සමිති සමග ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වීමයි. මමත් ඒ සාකච්ඡාවේ හිටියා. පළමු කොටම කිව්වෙ එවැනි දෙයක් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට සහතික වුණා. ඒ වගේම අපි රේගු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියා නිශ්කාෂණ කටයුතුවලට මැදිහත් වන ලෙස. ඒ අනුව අපි ඒ ප්රශ්නය විසඳුවා. ඒත් එක්කම මේ බහලුම් නිදහස් කිරීමට කලිනුත් රේගු නිලධාරීන් තමන්ගේ ක්‍රමවේද අනුව වෙනත් බහලුම් නිදහස් කරලා තියෙනවා. දත්ත ලෙස ඉදිරිපත් කරනවා නම් 2024 ජූලි මාසෙ 25 වැනිදා බහලුම් 584ක් නිදහස් කරලා තියෙනවා. මේ නිදහස් කළ 323 නිදහස් කරලා තියෙන්නෙ තදබදය නැති කිරීම සඳහා කියලයි කියන්නෙ.’’