පවුල් රාජ වංශයක් නිමා කරමින් ජනාධිපති රටින් පලා යයි

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ඇති වූ මහජන විරෝධතා හේතුවෙන් පවුල් රාජ වංශයක් අවසන් කරමින් ශ්‍රී ලංකාවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගොස් (flees) ඇති බව බීබීසී ප්‍රවෘත්ති සේවය වාර්තා කරයි.ජනාධිපතිව සිටියදී නඩු පැවරීමෙන් අත්මිදීමේ මුක්තිය භුක්ති විඳින ඒකාධිපති නායකයාට නව පරිපාලනය විසින් අත්අඩංගුවට ගැනීමේ හැකියාව වළක්වා ගැනීම සඳහා ඉල්ලා අස්වීමට පෙර විදේශගත වීමට අවශ්‍ය වූ බව විශ්වාස කෙරෙතැයි සඳහන් එම වාර්තාවේ මෙසේ ද සඳහන් ය.

රාජපක්ෂ මහතා හමුදා ජෙට් යානයකින් පිටත්ව ගියේ දශක ගණනාවක් රට පාලනය කළ පවුල් රාජ වංශයක් අවසන් කරමිනි. ඔහු යන්නේ කොතැනටද? යන්න පැහැදිලි නැත.සෙනසුරාදා ඔහුගේ මන්දිරයට විශාල පිරිසක් කඩා වැදීමෙන් පසු ඔහු සැඟවී සිට ඇත.ඔහුගේ සොහොයුරා වන හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ද රට හැර ගොස් ඇති බව ආරංචි මාර්ග බීබීසීයට පවසා ඇත.ඔහුට පැය 24කට පෙර රටින් පිටවීම වැළැක්වූ නමුත් දැන් ඔහු ඇමරිකාවට යන බව පැවසේ.මහජන විරෝධතා මධ්‍යයේ බදාදා ඉල්ලා අස්වීමට ජනාධිපතිවරයා මීට පෙර ප්‍රතිඥා දී තිබිණ.‘දැන් ඉවත් වන්න, නැතිනම් දැවැන්ත විරෝධතාවලට මුහුණ දෙන්න’දශක ගණනාවක් තුළ ඔවුන්ගේ දරුණුතම ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෝ ජනාධිපති රාජපක්ෂගේ පාලනයට දොස් පැවරූහ.ජනතාව දිනපතා විදුලිය විසන්ධි කිරීම සහ ඉන්ධන, ආහාර සහ ඖෂධ වැනි මූලික ද්‍රව්‍ය හිඟය සමඟ මාස ගණනාවක් තිස්සේ පොරබදමින් සිටිති.ජනාධිපතිව සිටියදී නඩු පැවරීමෙන් මුක්තිය භුක්ති විඳින ඒකාධිපති නායකයාට නව පරිපාලනය විසින් අත්අඩංගුවට ගැනීමේ හැකියාව වළක්වා ගැනීම සඳහා ඉල්ලා අස්වීමට පෙර විදේශගත වීමට අවශ්‍ය වූ බව විශ්වාස කෙරේ.                                         මේ අතර ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් සේවය පවසනුයේ ඔහු ඇනටනොෆ් 32 යානයකින් මාල දිවයින වෙත පලා ගොස් ඇති බවකි.

කාලීන පුවත්