පශු වෛද්‍ය නිලධාරීන්ගේ”පසු බෑමක්” හෙළි වෙයි

රජයේ පශු වෛද්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් ගේ අකාර්යක්ෂමතාව නිසා පශු සම්පත් සංවර්ධනය සඳහා 2022 අතුරු අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන දෙසීයක මුදල කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම මත නැවත මහා භාණ්ඩාගාරයට පවරාගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදී අනාවරණය වී තිබේ.ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පශු සම්පත් සංවර්ධන අංශ නිලධාරීන් ගෙන් කළ විමසීමක දී ඔවුන් පවසා ඇත්තේ අදාල මුදල වියදම් කිරීම සඳහා ව්‍යාපෘති ඉදිරිපත් කරන ලෙස පැවසුවත් කිසිදු පළාත් සභාවක් එවැනි ව්‍යාපෘති ඉදිරිපත් නොකළ බවයි. එසේ නම් අඩුම තරමින් බිත්තර සහ කුකුළු කර්මාන්තය නැංවීම සඳහා වත් මෙම මුදල යොදා ගැනීමට නොහැකි වූයේ මන්දැයි එහි දී අමාත්‍යවරයා කළ ප්‍රශ්න කිරීම් හමුවේ නිලධාරීන් නිරුත්තර වී ඇත. ආර්ථික අර්බුදයක් මැද වුවත් මෙලෙස පශු සම්පත් සංවර්ධනයට මුදල් වෙන් කරන්නේ වැටී ඇති ජන ජීවිතය යම් පමණකින් හෝ නැංවීමට වන නමුත් මෙලෙස මන්දගාමීව කටයුතු කිරීමෙන් රට නැවත ගොඩ නඟන්නේ කෙසේදැයි අමාත්‍යවරයා එම නිලධාරීන් ගෙන් ප්‍රශ්න කර තිබේ.

කාලීන පුවත්