පසුගිය දින තුන තුළ කොවිඩ් මරණ 102ක්

පසුගිය 07 වන දා 35 ක් ද, 8 වනදා 36 ක් ද, ඊයේ (09) දා 31 ක් ද වශයෙන් ගත වූ දින තුනක තුළදී පමණක් මෙරටින් කොවිඩ් මරණ 102 ක් වාර්තා වී තිබේ.එමෙන්ම එම දින තුනේම දිනකට කොවිඩ් මරණ 30 කට වඩා වැඩියෙන් වාර්තාවීම ද විශේෂ සිදුවීමකි. මේ අතර හදිසි ප්‍රතිකාර ඒකකයේ සේවය කරන වෛද්‍යවරුන් 9 දෙනාගෙන් හය දෙනෙකු ඇතුළුව බදුල්ල මහරෝහලේ වෛද්‍යවරුන් විසි දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි.නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සදහන් කළේ පරීක්‍ෂණවලින් වාර්තා වන රෝගීන්ට වඩා වැඩි පිරිසක් සමාජයේ සිටිය හැකි බවයි.

කාලීන පුවත්