පහේ ශිෂ්‍යත්වය අද

මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (15දා) දින පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිත ය.එම විභාගය දිවයිනේ විභාග මධ්‍යස්ථාන 2849කදී පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.විභාගය ආරම්භ වීමට පැය භාගයකටවත් පමණ පෙර පැන්සල් හෝ කළු හෝ නිල් පෑන් ඇතුළු අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙසද ඒ මහතා දරුවන්ගෙන් ඉල්ලා සිටියි.මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග අපේක්ෂකයින් තුන් ලක්ෂ විසිතුන්දහස් අටසිය හැත්තෑ නව දෙනකු පෙනී සිටීමට නියමිතය.ඒ අතුරින් දෙමළ මාධ්‍ය සිසුහු හැත්තෑ නවදහසක් සහභාගි වෙති.ඒ අතර ආරෝග්‍යශාලා යොදා ගනිමින්ද විභාග මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇති
අතර සෑම පාසලකටම පොලිස් ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබේ.උතුරු පළාතේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහනය කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබාගෙන ඇත.

කාලීන පුවත්