මෙම වසරේ (2024) වසරේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන ඉරිදා පැවැත්වීමට නියමිත ය.ඒ අනුව සැප්තැම්බර් මස 15 වන ඉරිදා දින උදෑසන 9.30 සිට 10.45 දක්වා දෙවන ප්‍රශ්න පත්‍රය පැවැත්වෙන අතර එදින උදෑසන 11.15 සිට දහවල් 12.15 දක්වා පළමු පත්‍රයට පිළිතුරු ලිවිය යුතු ය. එම විභාගය විභාග මධ්‍යස්ථාන 2649 කදී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.අපේක්ෂකයින්ගේ පැමිණීමේ ලේඛනය අදාළ පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වනවිට තැපැල් මඟින් යවා ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.